පැ ය එකහමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා. විවාහ ...
පැය එකහමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.
විවාහ උත්සවයක සාක්ෂි අත්සන් කිරීමට ඇති බව පවසමින් අගමැතිවරයා අදාළ කොමිෂන් සභාවෙන් නැගිට ගොස් ඇති බවයි වාර්තා වුණේ.
කෙසේ වුවත් අගමැතිවරයා නැවත පස්වරු 1.30 වන විට යළි ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණීමට නියමිත බවත් වාර්තා වුණා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා 2015 - 2018 වසරවල රාජ්‍ය ආයතනවල සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද (16) පෙරවරු 9.30 පමණ වන විට පැමිණ තිබුණා.
ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි.

COMMENTS