එ ක්සත් ජාතික පෙරමුණේ පවතින අපේක්ෂක අර්බුදය හේතුවෙන් එම පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂ කිහිපයක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමට සාකච්ඡා ප...
එක්සත් ජාතික පෙරමුණේ පවතින අපේක්ෂක අර්බුදය හේතුවෙන් එම පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂ කිහිපයක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමට සාකච්ඡා පවත්වා ඇති බව ඊට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සති අන්තයේදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි විශ්වාසයෙන් ඔවුන් පසුවන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම පොදුජන පෙරමුණ සමග එක් වීමට කටයුතු කරනු ඇතැයි ද සදහන්ය.
එක්සත් ජාතික පක්ෂයේ පවතින අපේක්ෂක අර්බුදය හේතුවෙන් සුළු පක්ෂ ගණනාවක් මේ වන විට බරපතල ලෙස අර්බුදකාරී තත්ත්වයට පත්ව සිටී.
මීළඟට බලය ලැබෙන පක්ෂය හා එක්වන ලෙස ඔවුන්ගේ පහළ මහජන නියෝජිතයන් දිගින් දිගටම කරන බලපෑම උත්සන්න වීමෙන් පොදුජන පෙරමුණ සමග එක් වීමට ඔවුන් තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

COMMENTS