දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැඩිල්ලේ හිමිගේ පන්සලට රහස් පොලිසිය යැවුවේ ඇමති චමල්.. මා නොවේ - ඇමති ජොන්ස්ටන් කියයි
Homeප්‍රවෘත්ති

මැඩිල්ලේ හිමිගේ පන්සලට රහස් පොලිසිය යැවුවේ ඇමති චමල්.. මා නොවේ - ඇමති ජොන්ස්ටන් කියයි

PropellerAds

සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ විහාරස්ථානයට රහස් පොලිසිය යවන ලද්දේ තමන් විසින් නොවන බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රන...

එරන්ද වැලිඅංගේ මාව කුණු මාළු කෑල්ලක් වගේ විසි කලා - රංගෙ බණ්ඩාරගේ දුව සාප කරයි
ඡන්ද මගඩියක් වුනා - පොහොට්ටු අපේක්‍ෂක නීතිය හමුවට යයි
කිනිතුල්ලන් මඟින් ව්‍යාප්ත වන නව වෛරසයකින් චීනයේ පුද්ගලයින් 07ක් මරුට
සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ විහාරස්ථානයට රහස් පොලිසිය යවන ලද්දේ තමන් විසින් නොවන බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි. චමල් රාජපක්‍ෂ මහතාට එල්ල වූ අසත්‍ය චෝදනාවක් ගැන තොරතුරු ලබා ගැනීමට ඔහු විසින් කරන ලද දැනුම් දීමක් මත එය සිදු වූ බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

මම පාර්ලිමේන්තුවේ අද දහවල් හිටිය නැති වෙලාවෙදි හේෂා විතාන මන්ත්‍රීතුමා සහ ඉඳුනිල් අපේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමාන්ලා මගේ නම ප්‍රකාශ කරලා මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ට විරුද්ධව මම සීඅයිඩී එකේ පැමිණිල්ලක් දැම්මා කියලා තියෙනවා

මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ට විරුද්ධව CID එකට ගිහින් පැමිණිල්ලක් දාලා උන් වහන්සේට විරුද්ධ ව කටයුතු කළා කියලා මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා මම අද වන තුරු කිසි සේත්ම මහා සංඝරත්නයට විරුද්ධව කටයුතු කරලා නැහැ මහා සංඝරත්නයට විරුද්ධව පැමිණිලි දාලා නැහැ සීඅයිඩී එකට අඩු තරමින් දුරකථන ඇමතුමක් දීලා උන් වහන්සේට විරුද්ධ ව කටයුතු කරන්න කියලා කියලා නැහැ ගෞරවනීය මහා සංඝරත්නය සමග ඉතා කිට්ටුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් වැඩ කරන කෙනෙක් මම ඒ පිළිබඳව කුරුණෑගල දිස්ත්රික්කයේ මහා සංඝරත්නය ඉතා හොඳින් දන්නවා ඒකෙදි චමල් රාජපක්ෂ ඇමතිතුමාගේ නම සඳහන් කරමින ෆේස්බුක් එකේ කැස්බෑවේ ප්‍රශ්නයක් කිව්වා ඒ සම්බන්ධයෙන් චමල් ඇමතිතුමා ඉතාමත්ම දුකින් හිටියේ එතුමා නොකරපු එකක් ගැන නිසා ඒ නිසා චමල් ඇමතිතුමා ඒ ගැන පරීක්ෂණයක් කරන්න දීලා තියෙනවා කවුද මේ මුසාව අපේ හාමුදුරුවන්ට ලබා දුන්නේ කියලා හොයන්න එහෙම නැතුව මහා සංඝරත්නයට නොවේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ අපිට විශාල වශයෙන් උදව් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාව දිනවන්න කැපවුණු යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න කටයුතු කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ කරපු මාධ්‍ය සාකච්ඡාවක දී මගේ නම කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා මම මුකුත් කියන්න ගියේ නැහැ මට ගහපුවා කියපුවා කරපුවා පසුගිය අවුරුදු පහේ දන්නවා

මයිල් ගහකට වත් අත තියන්න දෙන්නේ නැහැ කියලා පහුගිය කාලේ මට ගැහුවා මම එතෙන්දි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී දේශපාලනඥයන්ට නීතිය අතට ගන්න දෙන්නෙ නැහැ කියන එක සමහර දේශපාලනඥයෝ නීතිය අතට අරගෙන නගරාධිපතිතුමාට විරුද්ධව කටයුතු කරන්න හැදුවා මම ඒ වෙනුවෙන් පෙනී සිටියා ඒක මගේ වගකීම හෙම නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති ප්‍රකාශය නෙවෙයි මම කිව්වේ

එදා තමුන්නාන්සේලා එදා බුවනෙක හෝටලයේ ට ඇවිල්ලා ඒ මැතිවරණ කාලයේදී මෙහෙ ඉඳන් ඇවිල්ලා චම්පික රණවක ගෙන් පටන් ගත්තහම තමුන්නාන්සේලා මේක මැතිවරණය කාලයේදී පාවිච්චි කෙරුවා මම කිව්වේ බුවනෙක කියන්නේ චන්ද්‍රසේන මහත්තයාගේ පුතාගේ නම ඒ වගේ පහර දුන්නා කිරිඇල්ල මහත්තයා කිව්වා පෞද්ගලිකව පහර දෙන්න එපා කියලා අපිට කියනවා වගේම තමුන්නාන්සේගේ පැත්තෙ මන්ත්‍රීවරුන්ට ඒ ගැන කිව්වොත් වඩාත් හොඳයි ඒ හින්ද අපි ඒ තත්ත්වයට වැටෙන්නේ නැහැ මහා සංඝරත්නයට අපි ඉතාමත්ම හොඳින් ගරු කරනවා සභාව පාලනය කිරීමට කිරිඇල්ල මැතිතුමාට වත් විපක්ෂ නායකට වත් බැහැ ඒක අපි දන්නවා ඒක තමයි ඇත්ත තත්වේ ගෞරවනීය මහා සංඝරත්නය ට කවුද අපහාස කළේ 60 නමක් හිරේ දැම්මා ස්වාමීන් වහන්සේලාගේ ඔලු පැලුවා මේකේ හිටපු මුදල් ඇමැතිවරයා කිව්වා මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා

එහෙම තමයි බෞද්ධ ආගමට අගෞරව කෙරුවෙ එදා තමුන්නාන්සේලා එක්ක හිටපු එක නායකයෙකුට වත් පණ තිබුණේ නැහැ ඒක වැරදියි කියලා කියන්න ප්‍රේමදාස මහත්තයා ගෙනාවේ ලෝකෙට දක්ෂම කෙනා කියලා එහෙත් ඔහුට වත් කොන්දක් තිබුණේ නැහැ ඒක වැරදියි කියලා කියන්න බෞද්ධ ආගමට අගෞරව කරන්න එපා කියලා කියන්න බෞද්ධාගමට බෞද්ධ රටට අපහාස කරපු ආණ්ඩුවක් තිබුණේ පහුගිය අවුරුදු පහේ ඒක තමයි ඇත්ත ඉස්සෙල්ලාම පටන් ගත්තෙ ශ්‍රී මුඛය කියලා මේවා මේ රටේ ජනතාවට අමතක නෑ තමුන්නාන්සේලා එදා මහා සංඝරත්නයට විවිධ කරදර කෙරුවා අගෞරවය කෙරුවා අපහාස කෙරුවත් ධම්මාලෝක හාමුදුරුවෝ අලි පැටියෙක් තියා හිටියා කියලා කුදලා ගෙන ගිහින් හිරේ දැම්මා එදා හවසම මමත් පස්වන විධායක ජනාධිපතිතුමා උන්වහන්සේ බලන්න ගියා ඒ නිසා අපේ රජය මහා සංඝරත්නයට අපහාස කරන්නේ නැහැ මතක තියාගන්න තමුන්නාන්සේලා තුට්ටු දෙකේ දේශපාලනයට වැටෙන්න එපා. ඒක අපි කියනවා සමහර මන්ත්‍රීවරු බොහොම ආදරෙන් මේක ශෙයා කරලා තිබුණා සමහර ආයතන වල නියෝජිතයින් ලෙස කටයුතු කරපු අය තමයි මෙහෙම ඇවිත් අපිට පහර දෙන්නේ මම වගකීමෙන් කියනවා අපි වැරදි කරල නැහැ මාව ගිහින් හිරේ දැම්මා නඩු එකොළහක් දැම්මා ඉස්සෙල්ලාම දැම්මා මගේ වැඩිමහල් පුතා ට ජොහාන් ප්‍රනාන්දු ව හිරේට අරන් යන්න ගියා පළවෙනි සතියෙම ඒ නඩුව විසිකෙරුවා නඩුකාරතුමා එහෙම තමයි අපිට කෙරුවේ මාව ගෙනිච්චා පළවෙනි නඩුවේදී අඩුම තරමේ මගේ රෙදි ටික වත් ගෙනියන්න දුන්නේ නැහැ යහපාලන ආණ්ඩුවෙන රෙදි ටික ගෙනියන්න ෂොපින් බෑග් එක දෙන්න විදිහක් නෑ කිව්වා පනස් තුන් දෙනෙක් ඉන්න කාමරේක තමයි ඉන්න දුන්නෙ වැසිකිලි වලක තමයි ඔලුව කියන්න දුන්නෙ

එහෙම තමයි තමුන්නාන්සේලාගේ ආණ්ඩුව එහෙම තමයි තමුන්නාන්සේලා යහ පාලනය ක්‍රියාත්මක කෙරුවෙ එහෙම තමයි ඒ කාලේ විනිශ්චකාරවරුන් ට කතා කරලා සී අයි ඩී අධ්‍යක්ෂක ට කතා කරලා අල්ලස් කොමිසමට කතා කළේ ඒ කරපු අපරාධ මේ රටේ ජනතාව කවදාවත් අමතක කරන්නේ නැහැ දැන් ඉන්නේ සුදු ඇඳුමින් සැරසිලා තුට්ටු දෙකේ මමන්ත්‍රීවරු එවලා ඒ ඇවිල්ල තමයි ගරු කථානායක තුමාට ලොක්ක සොක්ක කියලා අගෞරව කරන්නේ අද ඒක තමයි ප්‍රේමදාස මහත්තයට ඉතුරු වෙලා තියෙන්නේ බොහොම අය තමයි අද ප්‍රේමදාස මහත්තයා ළඟ ඉන්නේ මන්ත්‍රීවරුන් කණ්ඩායම විනිසුරුවරු ට කතා කරපු බය කරපු නීතිය අතර ගත්ත අය තමයි

මොනවද කිව්වෙ ජොන්ස්ටන්වයි නාමල් වයි ඇතුලට දාන්න කට වෙඩි කිව්වා කොහොමහරි දාන්න කිව්වා අදම මේ අය නීතිය ගැන කතා කරන්න හදනවා ඒ කාලේ නීතිය ක්‍රියාත්මක කෙරුවේ ලංකා ඉතිහාසයේ එහෙම නීතියක් කවදාවත්ම ක්‍රියාත්මක වුණේ නැහැ රාජ්‍ය නිලධාරීන් හිරේට ගෙනිච්චා රටක් දිනවපු මහින්ද රාජපක්ෂ මහත්තයව කොමිසම් වලට ගෙනිච්චා ආර්යාව හිරේට දාන්න හැදුවා දරුවෝ දෙන්නා හිරේ දැම්මා බැසිල් රාජපක්ෂ මහත්තයා හිරේ දැම්මා රට යන්න ඉඩ දුන්නේ නැහැ පිල්ලෙයාන්ව අවුරුදු පහක් හිර කරගෙන හිටියා එදා මොකද වුණේ කුරුණෑගල හිටපු දොස්තරට දවස් විස්සෙන් ඇප දුන්නා පිල්ලෙයාන්ව අවුරුදු පහක් රිමාන්ඩ් භාරයට පත් කෙරුවා මොකද්ද වරද මහින්ද රාජපක්ෂ මහත්තය වෙනුවෙන් පෙනී හිටියා කියන එක

ඔහොම තමයි තමුන්නාන්සේලා පහර දුන්නේ අපි එහෙම පලි ගන්නේ නැහැ අපි එහෙම පළිගන්න ගියානම් කරපු හොරකම් වලට ඕකෙන් බාගයක්ම අද ඉන්න ඕන හිරේ ඒක තමයි ඇත්ත ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තියෙන මනුස්සකමට ප්‍රජාතන්ත්‍රවාදය තමුන්නාන්සේලා ද අතකොළුවක් කරගෙන පාවිච්චි කරන්න හදනවා ෆේස්බුක් එකේ දාලා පහර දෙනවා සින්දු හදනවා පහර දෙනවා ඉතින් මේ අය අත්අඩංගුවට ගත්තහම අත්අඩංගුවට ගන්නවා කියලා පහර දෙනවා මට දුන්න වද මම විතරයි දන්නේ දවස් හැත්ත තුනක් හිරේ දැම්මා තමුන්නාන්සේලා අපි රජයක් හැටියට අපි දන්නවා තමුන්නාන්සේලා කරපු දේවල් අපි කරන්නේ නැහැ තමුන්නාන්සේලා හිතනවානම් මඩ ගහලා රජයක් ගන්න පුළුවන් කියලා ඒක හීනයක් විතරයි

– Repoter


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැඩිල්ලේ හිමිගේ පන්සලට රහස් පොලිසිය යැවුවේ ඇමති චමල්.. මා නොවේ - ඇමති ජොන්ස්ටන් කියයි
මැඩිල්ලේ හිමිගේ පන්සලට රහස් පොලිසිය යැවුවේ ඇමති චමල්.. මා නොවේ - ඇමති ජොන්ස්ටන් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif6k11xppwSyR0fspXIw6E5F6ig25n03o5qr5HjYBGonWFLAWegWFWfom8lWcl01Qa6W8cB2lVGCmlpsTDq5Bxcma4P42T4wNIWd20U8uwbfbhs1L170Zbbi_EvEyb9CgLcU4wzgvH508/s320/1454-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEif6k11xppwSyR0fspXIw6E5F6ig25n03o5qr5HjYBGonWFLAWegWFWfom8lWcl01Qa6W8cB2lVGCmlpsTDq5Bxcma4P42T4wNIWd20U8uwbfbhs1L170Zbbi_EvEyb9CgLcU4wzgvH508/s72-c/1454-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_671.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_671.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy