දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කලින් කොරෝනා පාලනය කිරීමෙන් පසු ජනතාව, මාධ්‍ය වගකීම අමතක කිරීමෙන් අද තත්වය ඇති වුණා - ජනපති
Homeප්‍රවෘත්ති

කලින් කොරෝනා පාලනය කිරීමෙන් පසු ජනතාව, මාධ්‍ය වගකීම අමතක කිරීමෙන් අද තත්වය ඇති වුණා - ජනපති

PropellerAds

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කොවිඩ් වසංග...

චන්ද්‍රිකාගේ සහය එජාපයට?
ඌව මහ ඇමතිගෙන් මානව හිමිකම් කොමිසම පැය 3ක් ප්‍රශ්න කරයි
පෞද්ගලික අංශ සේවකයින්ට මැතිවරණ නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටී.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය 09 පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය” ජනාධිපතිතුමා පැවසීය.

“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේදීම සුවපත් කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුය” ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් වෛද්‍යවරුන් මගින් ජනතාව ගෙන යාම මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වගකීමක් සහ යුතුකමක් බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

“කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනී යන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි”

“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළයුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට “පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්” ජනාධිපතිතුමා පැවසීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලින් කොරෝනා පාලනය කිරීමෙන් පසු ජනතාව, මාධ්‍ය වගකීම අමතක කිරීමෙන් අද තත්වය ඇති වුණා - ජනපති
කලින් කොරෝනා පාලනය කිරීමෙන් පසු ජනතාව, මාධ්‍ය වගකීම අමතක කිරීමෙන් අද තත්වය ඇති වුණා - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgh9vwXghoxm4QdhPgy71WdWIZkeqxKAJGY-EH00oGkjMTgQcQ5iY_Gw-n2j3O2kUDH4DOmatyTpQZf4_M_zfs8Z78ZyNNJILmR3TCEn9R7s5zFrBQyDZ6WVOiC6KHFpD4lLGI8RQLUgrY/s320/gota.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgh9vwXghoxm4QdhPgy71WdWIZkeqxKAJGY-EH00oGkjMTgQcQ5iY_Gw-n2j3O2kUDH4DOmatyTpQZf4_M_zfs8Z78ZyNNJILmR3TCEn9R7s5zFrBQyDZ6WVOiC6KHFpD4lLGI8RQLUgrY/s72-c/gota.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_417.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_417.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy