බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද පෙර...
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීම පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද පෙරවරු 09ට පමණ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිට ඇත. ඒ කොමිසම කළ දැනුම්දීමකට අනුවයි. එහිදී පැය 03ක කාලයක් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරිණි.
කෙසේවෙතත් මැතිවරණ කටයුතු හේතුවෙන් අද (01) දිනයේ තමාට කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලිඛිතව දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.
එහෙත් අදාළ ඉල්ලීම පිළිගත නොහැකි බවත්, අද දිනයේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසත් මානව හිමිකම් කොමිසම විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට දැනුම් දී තිබේ.
යම් හෙයකින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අද දිනයේ කොමිසම වෙත නොපැමිණියහොත් ඒ පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පසුව තීරණය කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතාට ද අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
COMMENTS