හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හදවතින් සහාය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හදවතින් සහාය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
ඒ කිරින්දව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමිනි.
අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය මැතිවරණයේදී ද හිටපු ජනපතිනිය සිය සහාය එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වූ බවයි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“චන්ද්‍රිකා මැතිණියත් ශ්‍රීලනිපයත් බිහි වුණේ එජාපයෙනුයි. පසුගිය මැතිවරණයේදී ද හිටපු ජනපතිනිය සීය සහය එක්සත් ජාතික පක්ෂයට දුන්නා. පොහොට්ටුව ශ්‍රීලනිපයේ කොටසක් නෙවෙයි. පොහොට්ටුව තනිකරම පවුල්වාදය මත හැදුනු එකක්. ඒක තනිකරම ජාතිවාදය අවුස්සන අවස්ථාවාදයක්. දැනුත් එතුමියගේ හදවතින් අපිටට්යි උදව් කරන්නේ.”
COMMENTS