පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකි වනු පිණිස නිවාඩු ලබා දී...
පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකි වනු පිණිස නිවාඩු ලබා දීමට කටයුතු කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඒ අනුව තම ඡන්දය දීමට හැකිවනු පිණිස සේවා නියුක්තිකයන්ට නිවාඩු දීමට සේවා යෝජකයින් කටයුතු කළ යුතු බවට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 84 අ. (1) වගන්තියෙන් විධිවිධාන සලසා ඇති අතර 2018.02.10 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද එය නිසි පරිදි ක‍්‍රියාත්මක විය යුතුව ඇත.
රාජ්‍ය අංශයේ නිලධරයන්ගේ විශේෂ නිවාඩු පිළිබඳව ආයතන සංග‍්‍රහය 12.3 ජේදයේ දන්වා ඇති පරිදි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අවම කාලය පැය 2 කට නොඅඩු කාලයක් ලෙස ද ඡන්දය ප‍්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍යයැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සඳහා වැටුප් අඩුකිරීමක් නොමැතිව විශේෂ නිවාඩු ලබාදිය යුතු බවද දක්වා ඇත.
එසේ වූවද පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ලිඛිත නියමයකින් පැනවු එවැනි විශේෂ නිවාඩු ලබා දීමේ ක‍්‍රමවේදයක් නොමැති හෙයින් බොහෝ සේවා යෝජකයින් තම සේවා නියුක්තීන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු ලබා නොදෙන බවට පසුගිය ඡන්ද විමසීම් කිහිපයකදීම පැමිණිලි ලැබී තිබිණි.
එම හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට ජාතික මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමට යෑමට හා ඊමට නිවාඩු ලබා දීම සඳහා දුර හා කාලය අතර සම්බන්ධතාවක් සකස් කරන ලෙසට කරන ලද ඉල්ලීම අනුව 2015 ජනාධිපතිවරණයට අදාළව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමා ප‍්‍රමුඛ කොමසාරිස්වරු/ එහි නිලධාරින්, කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා/ කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා හා එහි නිලධාරීන් සහ මැතිවරණ කොමසාරිස්වරයා හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව පහත සඳහන් වගුවට අනුකූලව පෞද්ගලික අංශයේ සේවය කරන්නාවු සේවක සේවිකාවන්ට සිය ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා වු නිවාඩු ලබාදීමට අදාළ සේවා යෝජකයින් කටයුතු කිරීම සුදුසු බවට තීරණය කර ප‍්‍රසිද්ධියට පත් කරන ලදි.
ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යා යුතු දුර ප‍්‍රමාණය ලබාදිය යුතු අවම නිවාඩු කාලසීමාව පහත සඳහන් පරිදි වේ.
කි.මී. 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයයි
කි.මී. 40 ත් - 100 ත් අතර නම් දින එකයි
කි.මී. 100 ත් - 150 ත් අතර නම් දින 1යි භාගයි
කි.මී. 150 ට වැඩිනම් දින 2
එමෙන්ම ඉහත සටහනින් යෝජනා කර ඇත්තේ ලබා දිය යුතු අවම කාලය බවද දිවයිනේ සමහර ඡන්දදායකයින්ට ඡන්ද පොළට යෑමට හෝ ඊමට දින තුනක් අවශ්‍ය වන අවස්ථාද සැලකිය යුතු ප‍්‍රමාණයක් ඇති හෙයින් අවස්ථාවෝචිතව දින තුනක් නිවාඩු දීමට සිදුවන බවද සැලකිල්ලට ගතයුතු බවද එහිදි අවධාරණය කෙරිනි.
2018 පෙබරවාරි 10 දින පැවැත්වීමට නියමිත මෙම ඡන්ද විමසීමේදීද ඉහත 3 ජේදයේ සඳහන් වගුව හා ඉන් මතු දක්වා ඇති කරුණු සැලකිල්ලට ගෙන මෙම ඡන්ද විමසීමේදි ස්වකීය සේවා නියුක්තිකයන්ට ඡන්දය දීම සඳහා විශේෂ නිවාඩු ලබා දෙන ලෙස සියලුම සේවායෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරද ඉල්ලුම්කරද සිටියි.
මෙහිදී, සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු අතර, සෑම සේවා යෝජකයකු විසින්ම විශේෂ නිවාඩු ඉල්ලුම්කළ තැනැත්තන් හා නිවාඩු ප‍්‍රදානය කරන කාලසීමාවට දැක්වෙන ලේඛනයක් පිළියෙල කර එය සේවා ස්ථානයේ ප‍්‍රදර්ශනය කළ යුතු වේ.
ඉහත සඳහන් නිර්දේශවලට අනුකූලතාව දක්වමින් ස්වකීය ආයතනයේ සේවානියුක්තීන්ට ඡන්දය ප‍්‍රකාශ කිරීමට යෑමට හා ඊමට ප‍්‍රමාණවත් නිවාඩු ලබාදෙන ලෙස සියලුම සේවායෝජකයන් වෙතින් නැවතත් ඉල්ලා සිටින අතර, ආයතනයේ කටයුතුවලට බාධා නොවන අයුරින් ඡන්දය දීමට යාම හා ඊම සඳහා ප‍්‍රමාණවත් අවම නිවාඩු ලබා ගැනීමට සෑම සේවා නියුක්තියෙකුගේම වගකීම බවද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරනු ලබයි.
COMMENTS