දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා - මනුෂ නානායක්කාර
Homeප්‍රවෘත්ති

මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා - මනුෂ නානායක්කාර

PropellerAds

දි න දෙකකට පමණක් ඇදිරිනීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇදිරී නීතිය දීර්ඝ කිරීම නිසා ජනතාව අසරණ වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති...

ගෝඨාභය පරදා ජනාධිපති වීම ඉතා පහසුයි.. පහසුවෙන් ජනාධිපති වෙන්න එජාපයේ උණුසුම් තරගයක් තිබෙනවා.. බල පොරයක් නෑ - රංජන් රාමනායක
නෙළුම් කුළුණෙන් මාටියා ගසා අතුරුදන් කියූ සමාගම පැය 24න් සොයාගනී !
එජාපය අතහරී.. සජිත් වෙනත් පක්‍ෂයකින් ජනාධිපතිවරණයට ?
දින දෙකකට පමණක් ඇදිරිනීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇදිරී නීතිය දීර්ඝ කිරීම නිසා ජනතාව අසරණ වී ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ රට අසමත් රටක් බවට පත්ව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

විද්‍යාත්මකව කොරෝනා මර්දනය කළ යුතුව තිබියදී ආණ්ඩුවේ මැති ඇමැතිවරු මිත්‍යාව වපුරමින් සිටින බවද විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඔහු පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.

සති අන්තයේ ඇදිරිනීතිය දාපු වෙලාවේ දවස් දෙකකට විතරක් බඩු ගන්න කියලා තමයි කියලා තිබුණේ. ඒත් නැවත වතාවක් පොල්ලෙන් ගැහුවා වගේ ඇදිරිනීතිය දාලා තියෙනවා. මේ තත්වය පාලනය කිරිමට ඇදිරිනීතිය පැනවිය යුතුයි. ඒත් ඇදිරිනීතිය පනවන්නේ දින දෙකකට පමණයි කියලා, ජනතාවට පොරොන්දුවක් දීලා, බඩු රැස් කරගන්න කලබල වෙන්න එපා කියලා ජනතාවට පොරොන්දුවක් දීලා, දැන් එකවරම ඇදිරි නීතිය පනවපු නිසා මුදල් තිබුණත් ජනතාවට බඩු ගන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ.

ආණ්ඩුව බිහිවෙලා වසරක කාලයක් ගතවෙලා. ගිය පෝය දවස අපිට මතකයි. මීට අවුරුද්දකට කලින් වප් පෝය දවසේ වපුරපු අස්වැන්න ගෙදරට ගන්න පුලුවන් වෙලා තියෙනවා. එදා වපුරන්න ගත්තේ කැළණියෙන්. උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියලා තමයි කියන්නේ. එදා කැළණියෙන් දිය දෙබෑ කරගෙන නාගයෙක් ආවා. මේඩ් ඉන් චයිනා කියල කරඩුවක ධාතු අරගෙන ආවා. නයි ධාතු අරගෙන ඇවිත් කැළණිය අපහාස කරගෙන ආපු ආණ්ඩුව දැන් අසමත් වෙලා. අපේ බුදුදහමට අපහාස කරලා පටන්ගත්ත ගමන අද වන විට ස ෆෙල් කියන තැනට ඇවිත් තියෙන්නේ.

ආණ්ඩුව බලයට ආවේ මිත්‍යාව වපුරලා. බොරු කියලා. පෝර නොමිලේ දෙනවා කියලා, බඩු මල්ලක් දෙනවා කියලා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඩුවම දෙනවා කියපු ආණ්ඩුව අද අසමත් වෙලා. මේ ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව නැවත වරක් අරගෙන ඇවිත් තියෙනවා. වියතුන් සමග ආණ්ඩුව හදන බව කිව්වා. වියතුන් ආණ්ඩුවට එනවා කිව්වා. එහෙම කියපු ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරිය විශ්ව ශක්තිය තියෙනවා කියන පැන් මුට්ටියක දාලා ෂොපින් කවරයකින් කට ගැට ගහලා කළු ගගට දානවා. උදය ගම්මන්පිලත් කැළණිය ගගට මේවා දානවා. ප්‍රසන්න රණතුංගත් උදේ ඇදගෙන ඉදපු ඇදුම පිටින් ගිහින් වතුර දානවා. අපි මිත්‍යාවෙන් විද්‍යාවට යා යුතු කාලයේදී මිත්‍යාවට යනවා. එදා හැට නම ලක්ෂයක් ජනතාව ඇන්දුවේ මිත්‍යාවෙන්. නැවත වරක් ජනතාව මිත්‍යාවෙන් අන්දන්න තමයි ආණ්ඩුව හදන්නේ. පිරිත්පැන් වල තිබෙන ශක්තියට නිගා කරමින් ආන්ඩුව නැවත වරක් ජනතාව අන්දන්න හදනවා. නැවත වරක් මේ ආණ්ඩුවේ රැවලටිලිවලට, ඇන්දිලිවලට ඇන්දෙනවාද කියලා ජනතාවගෙන් අහනවා

කොරෝනාවලින් අසමත්වූ ආණ්ඩුව, පළමු රැල්ලේ සිට දෙවැනි රැල්ල එන විට එක වෙන්ටිලේටරයක්වත් ගෙන්න ගන්න බැරිවෙලා. එක දැඩි සත්කාර ඇදක්වත් රෝහල් පද්ධතියට එකතු කරගන්න බැරිවුන සෞඛ්‍ය ඇමැතිවරියක් අද ඉන්නේ. ඇයට පුළුවන් වෙලා තියෙන්නේ එළියන්ත වයිට්ගේ විශ්ව ශක්තිය තියෙන කලයක් ගගට දැමීම පමණයි.

කොරෝනා ආසාදිතයින් විසි එක් දෙනෙක් මිය ගියත් මේ අය මියගොස් තිබෙන්නේ වෙනත් ලෙඩක් නිසා බව කියමින් තමන්ගේ ඇග බේරාගැනීමට උත්සාහ ගන්නවා. ජනතාව සෞභාග්‍යවත් රටක් අපේක්ෂාවෙන් සිටියේ. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ සව් භාගයක්වත් ගන්න බැරි වෙලා. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ අභාග්‍යමත් රටක් ඇතිවෙලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ යටතේ මේ රට අභාග්‍යමත් රටක් බවට පත්ව තිබෙනවා.

– මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා - මනුෂ නානායක්කාර
මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා - මනුෂ නානායක්කාර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7q_UXxa4Thx4j7aCMjiq5B2Aw3-kdugpLLHHxWsu3PTe2FR_po3_K0DDeOSIKaQnUeYEV4xWgS8wq5VdlJH5KNTSHpQgo6k-0qDP6sTwliZ-0_XBBE2h1oDlHXFgHzyIcFSqZxYr9mJ0/s320/manusha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7q_UXxa4Thx4j7aCMjiq5B2Aw3-kdugpLLHHxWsu3PTe2FR_po3_K0DDeOSIKaQnUeYEV4xWgS8wq5VdlJH5KNTSHpQgo6k-0qDP6sTwliZ-0_XBBE2h1oDlHXFgHzyIcFSqZxYr9mJ0/s72-c/manusha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy