දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නෙළුම් කුළුණෙන් මාටියා ගසා අතුරුදන් කියූ සමාගම පැය 24න් සොයාගනී !
Homeප්‍රවෘත්ති

නෙළුම් කුළුණෙන් මාටියා ගසා අතුරුදන් කියූ සමාගම පැය 24න් සොයාගනී !

PropellerAds

නෙ ලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ALIT (Aerospace Long – March International Ltd ) නමින් චීනයේ ස...

නව අගමැති ආශිර්වාද ගන්න ගංගාරමායට පැමිණෙයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දේයි (video-photos)
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි
නෙලුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ALIT (Aerospace Long – March International Ltd ) නමින් චීනයේ සමාගමක් නැති බවත් ඒ නිසා එම සමාගමට ගෙවන ලද රුපියල් බිලියන 2ක මුදල අතුරුදහන් බවට කළ චෝදනාව පදනම් විරහිත අසත්‍ය එකක් බව මේ වන විට ඔප්පු වී තිබේ.

ALIT (Aerospace Long – March International Ltd ) සමාගම චීන රජයට අයත් සමාගමක වන අතර ඉන් චීන රජයට අයත් යුධ උපකරණ වන missile weapon systems, rocket systems, bombs, UAV, anti – terrorism / anti – riot equipment, border coastal surveillance and control / command systems, aerospace application equipment අපනයනය කරයි. නෙලුම් කුලුන යනු චන්ද්‍රිකා සන්නිවේදනයට මෙන්ම මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සන්නිවේදන ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නා සන්නිවේදන කුලුනකි. ඒ සඳහා අදාළ සමාගමෙන් තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ ලබා ගෙන ඇත

අප ජිවත් වන්නේ තොරතුරු තාක්ෂනය ඉහලම තැන තිබෙන යුගයකය. ගූගල් තාක්ෂණය ඔස්සේ ALIT (Aerospace Long – March International Ltd ) සමාගම තිබෙන තැන සොයා ගැනීමට මෙරට ඕනෑම පුරවැසියෙකුට පුළුවන. Link

මෙම සමාගම සොයා ගැනීම පිණිස පිරිසක් මෙරටින් චීනයට යැවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර එහි ගිය පිරිස මාස 6කට වැඩි කාලයක් චීනයේ හොටල් වල රැඳෙමින් ජාතික ධනය නාස්ති කරමින් අදාළ සමාගම සෙවූ බව අනාවරණය වී තිබේ. මෙම කණ්ඩායමට නායකත්වය දුන්නේ චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා බවද ජනධිපතිවරයා අනාවරණය කර සිටියි.

මෙරට ජනතාව තුල වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්වන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවේ ද මේ පිළිබඳ කරුණු සඳහන් වේ. 2018 නෙලුම් කුලුන ඉදි කිරීම පිළිබඳව විගණකාධිපති විශේෂ වාර්තාවක් එලි දක්වන ලදී.

එම විගණකාධිපති වාර්තාවේ කොතැනක හෝ ජනාධිපතිවරයා කියන රුපියල් බිලියන 2 වංචාව පිළිබඳව සඳහන් වී නොමැත. එහෙත් ජනාධිපතිවරයා නැතැයි කියන සමගම සමාගම සමග අත්සන් කරන ලද නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද අදාළ ගිවිසුමේ පිටපතක්ද ඇතුලත්ව තිබේ.

2012 ආරම්භ වී 2015 මැයි මස වන විට ඉදි කිරීම් නිම කිරීමට කර තිබු සැලසුම ක්‍රියාත්මක නොවීම මත රජය සිදු වූ පාඩුව පෙන්වා දී තිබේ. ඒ අනුව ඉදිරි වර්ෂ 15ක් සඳහා ආදායම් පුරෝකථනයක් කර තිබිණි. එම පුරෝකථනයට අනුව කුලුන ඉදි කිරීම පමා වීම හේතුවෙන් 2018 අගෝස්තු 30 වන විට රජයට ඉපයීමට හැකිව තිබු රුපියල් මිලියන 5475ක ආදායමක් අහිමිව තිබු බව වාර්තා වේ.

ඊට 2018 අගෝස්තු 30 සිට ඊයේ දක්වා ඉපැයීමට තිබු මුදල ඇතුලත් කොට නොමැත.

චීනය ලොව යුධමය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ශක්තිමත්ම රටකි. චීනයේ පවතින බෞද්ධ පරිසරයත් සමඟ චීනය ශ්‍රී ලංකාවත් සමඟ වසර දහස් ගණනකට පෙර සිටම ඉතා කිට්ටු සබදතාවයක් පවත්වාගෙන යති. මේ නිසාම චීනය ශ්‍රී ලංකාව තුළ අති විශාල ආයෝජන ප්‍රමාණයක් කර තිබෙන බවද ප්‍රසිද්ධ කරුණකි. ඉතා නුදුරු අනාගතයේදී චීනය ලොව ධනවත්ම මෙන්ම බලවත්ම රාජ්‍ය වනු ඇති බවට අනාවැකි දැනටමත්ම පළ වී තිබේ. එවැනි රටක සමාගමක් පිළිබඳව ජනාධිපතිවරයා එල්ල කළ මෙම චෝදනාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙන්ම නෛතික වශයෙන්ද ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

– Asian mirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෙළුම් කුළුණෙන් මාටියා ගසා අතුරුදන් කියූ සමාගම පැය 24න් සොයාගනී !
නෙළුම් කුළුණෙන් මාටියා ගසා අතුරුදන් කියූ සමාගම පැය 24න් සොයාගනී !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcLzAAWPDInUt5xpQ-QVPB8IVQSMgGi2IQeLGVJtWndBud0HieRvbHyWrXYpa-xnItntg-Wpk5v9cVONtciuj4vYMWWHWWaAG76App5Vr_riwztN848jsvK34cFul9jBFUgP_-47Gb-GEj/s320/458888.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcLzAAWPDInUt5xpQ-QVPB8IVQSMgGi2IQeLGVJtWndBud0HieRvbHyWrXYpa-xnItntg-Wpk5v9cVONtciuj4vYMWWHWWaAG76App5Vr_riwztN848jsvK34cFul9jBFUgP_-47Gb-GEj/s72-c/458888.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy