දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා අතරේ MRI ලොක්කා ඉවත් කිරීම මතබේදයට – වංචා කරුවන්ගේ උවමනාවක් ?
Homeප්‍රවෘත්ති

කොරෝනා අතරේ MRI ලොක්කා ඉවත් කිරීම මතබේදයට – වංචා කරුවන්ගේ උවමනාවක් ?

PropellerAds

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ සිදුකරන පුද්ගලයන්ගේ යහපත ...

පියා සොයන්න සිරිපා අඩවියට ගිය දරුවා සෙවීමේ පරීක්ෂණ විද්‍යාත්මකව
ආණ්ඩුවෙන් එළියට බැස්ස හේතුව දයාසිරි කියයි
වලසෙකු සොයා ගිය තෙවරප්පෙරුමගෙන් නිලධාරීන්ට දෝස්මුරයක් (VIDEO)
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ සිදුකරන පුද්ගලයන්ගේ යහපත සඳහා බව රට රකින ජනහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පසුගිය 05 වැනිදා තනතුරෙන් ඉවත් කරනු ලැබුවා.

මේ සම්බන්ධව ඊයේ (07 වැනිදා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණි. එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.

‘‘රට රකින ජනහඬ සංවිධානයේ පළමු ලේකම්වරයා වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරය දැරූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරයි. වෛද්‍ය පර්‌යේෂණ ආයතනය සක්‍රිය වුණේ එතුමා එහි වැඩබලන අධ්‍යක්ෂ ධුරයට පත් වුණාට පස්සේ . ඒක මම කියන කතාවක් නෙවෙයි. ඒ, අගමැති මහින්ද රාජපක්ෂ කියපු කතාවක්. වෛද්‍ය ජයරුවන් හිටියේ වැඩබලන තනතුරක. ඒ සඳහා නිසි පුද්ගලයෙක් පත්කළ යුතු නිසා ඒක කළා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. අළුයට ගිනි වගේ කොරෝනා මතුවෙනකල් ඉන්න ඕනෑ වුණාද ඔහුව තනතුරෙන් ඉවත් කරන්න? ඔහු කොරෝනා රෝගය මැඬලීම වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙක්. මෙවැනි අවස්ථාවක ඔහුට වරප්‍රසාද දීලා ඉහළින් ඔසවා තැබීමයි කරන්න ඕනෑ. නමුත් ඔහුව දෙවැනි පුටුවෙන් තැබුවා. එතැනට දානවා නම් මීට වඩා සුදුසුකම් තියෙන කෙනෙක් පත් කරන්න ඕන. දැන් පත්කර තිබෙන වෛද්‍යවරයට වඩා සුදුසුකම් තිබෙන අය තව ඉන්නවා. මෙය වෛද්‍ය ජයරුවන්ට කළ අවමානයක්. මෙය ඔහුගේ සේවය නොසලකා හැරීමක්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් බලධාරීන් වැඩකරන පුද්ගලයන්ට කැමැති නෑ. වැඩකරන පුද්ගලයන් නිසා වැඩනොකරන පුද්ගලයන්ගේ නිරුවත ප්‍රදර්ශනය වෙනවා.

ජනාධිපතිතුමනි මේක දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නෙවෙයි. සවුත්තු දෙපාර්මේන්තුවක් වෙලා තියෙන්නේ. ඇතැම් වෛද්‍යවරුන්ට පරිපාලනයත් බෑ වෙදකමත් බෑ. ඇතැම් වෛද්‍යවරුන්ට පරිපාලනයට ආවම වෙදකම අමතකයි.

අද මේ රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරයේ වැඩ කරන්නෙත් වැඩබලන කෙනෙක්. ඔහු අවම සුදුසුකම් තියෙන කෙනෙක්. සුදුසුකම් ඇති පුද්ගලයන්ව පැත්තකට දාලා. වැඩනොකරන පුද්ගලයන් තනතුරුවලට පත්කිරීමේ ආනිශංස අපි භුක්ති විඳිමින් සිටිනවා.

යම් කෙනෙකුගේ බලපෑමට ජයරුවන් බණ්ඩාර වෛද්‍යවරයා තනතුරෙන් ඉවත් කරන්න ඕනෑ වුණා නම් එතුමා කළ සේවයට නිසි ඇගයීමක් දීලා එය කරන්න. ඔහු නිසි තනතුරට පත්කරන්න. නමුත් හොද්දට දාපු කරපිංචා කෑල්ල වගේ ඔහුව තනතුරෙන් ඉවත් කළා.’’ 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා අතරේ MRI ලොක්කා ඉවත් කිරීම මතබේදයට – වංචා කරුවන්ගේ උවමනාවක් ?
කොරෝනා අතරේ MRI ලොක්කා ඉවත් කිරීම මතබේදයට – වංචා කරුවන්ගේ උවමනාවක් ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZAgS-jZJXFpa6UBVfVUobSGwibZm9QFBfr7HNzncJvVhvhyphenhyphenT-fPmLUQ-TrxGPWCBbgM_aWg4voknRZYYRpOdDXCnq2gqvjwEUssvrC3sIwrB09g1NXx-lWOC17UASobOcHkoaoieCBaw/s320/mri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZAgS-jZJXFpa6UBVfVUobSGwibZm9QFBfr7HNzncJvVhvhyphenhyphenT-fPmLUQ-TrxGPWCBbgM_aWg4voknRZYYRpOdDXCnq2gqvjwEUssvrC3sIwrB09g1NXx-lWOC17UASobOcHkoaoieCBaw/s72-c/mri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/mri.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/mri.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy