කු ලියාපිටිය ප්‍රදේශය පුරාම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල ගුණසේකර මහතා සඳහන් කරයි. තම බල...
කුලියාපිටිය ප්‍රදේශය පුරාම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල ගුණසේකර මහතා සඳහන් කරයි.
තම බල ප්‍රදේශය තුළ ආසාදිත අමතරව තවත් 14 දෙනෙකු වාර්තා වූ බවත් ඔවුන් සියලු දෙනාම එම ප්‍රදේශයේ ආගමික උත්සවයක් සඳහා ගොස් ඇති බවත් ඔහු පැවසීය.
කුලියාපිටියේ ප්‍රදේශ ගණනාවක ඉතා අවදානම් තත්ත්වය පවතින බවද පැවසූ ඔහු දැනට ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු වාර්තා වන බවත් ඒ හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇතැයිද ඒ මහතා පැවසුවේය.
මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙම අදහස් පල කරන ලදී

COMMENTS