නාසා ආයතනය විසින් සොයාගන්නා ලද නව තාරකා මණ්ඩල 21ක් සඳහා ලොව පුරා ජනප‍්‍රිය ප‍්‍රබන්ධ චරිත වන හල්ක්, ගොඞ්සිලා වැනි නම් යෙදීමට තීරණය කර තිබේ...
නාසා ආයතනය විසින් සොයාගන්නා ලද නව තාරකා මණ්ඩල 21ක් සඳහා ලොව පුරා ජනප‍්‍රිය ප‍්‍රබන්ධ චරිත වන හල්ක්, ගොඞ්සිලා වැනි නම් යෙදීමට තීරණය කර තිබේ.
ෆර්මි ගැමා කිරණ අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් කරන ලද පර්යේෂණවලට දස වසර සපිරීම නිමිත්තෙන් නාසා ආයතනය මෙම පියවර ගෙන ඇත.
එ් අනුව නව ගැමා කිරණ තාරකා මණ්ඩල 21ක් සඳහා මෙවැනි නම් යෙදීමට කටයුතු කරනු ඇති බව එම ආයතනය පවසයි.
කෙසේවෙතත් මෙම නව තාරකා මණ්ඩල පියවි ඇසට නොපෙනෙන බව ද සදහන් ය.


COMMENTS