දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොකුරුවලින් පිට සාමාන්‍ය සමාජයේ කොරෝනා රෝගීන් සිය ගණනක වාර්තාවක් වෛද්‍යවරුන් රජයට දීලා !
Homeප්‍රවෘත්ති

පොකුරුවලින් පිට සාමාන්‍ය සමාජයේ කොරෝනා රෝගීන් සිය ගණනක වාර්තාවක් වෛද්‍යවරුන් රජයට දීලා !

PropellerAds

ර ජයේ මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි ප‍්‍රකාශයක් සිදුකළ යුතු බව සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක...

මහින්ද එයි - පාද යාත්‍රාව ඩාලි පාරට
අගමැති ඉන්දුනීසියාවට
'පාද යාත්‍රාවට රජයෙන් බලපෑමක් නෑ - සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙනවා'
ජයේ මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි ප‍්‍රකාශයක් සිදුකළ යුතු බව සමගි ජන බලවේග මහනුවර දිස්ති‍්‍රක් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවරදි විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කළේය.

කොරෝනා යම්කිසි මට්ටමකට පාලනය කර ඇතැයි රජය පැවසූවත් තමා මීට පෙර සඳහන් කර පරිදිම රජයේ සංඛ්‍යා ලේඛන පිළිබඳව කිසිදු විස්වාසයක් නොමැති බවත් සත්‍ය තත්වය ජනතාවට පැවසිය යුතුයැයි ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

මෙහිදි මාධ්‍ය හමුව අමතා අදහස් ප‍්‍රකාශ කල කිරිඇල්ල මහතා,

අපි දුටුවා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරලා තිබුණා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු නවත්වා දැමීම පිළිබදව. ආණ්ඩුව මැතිවරණ සටන අත්හැරලාද ? මේක ප‍්‍රහේළිකාවක්. හදිසියේ මැතිවරණ සටන අත්හැරීමට බලපෑ සත්‍ය හේතුව කුමක්දැයි රජය ජනතාවට පැහැදිලි කල යුතුයි. ජනතාවගෙන් කරුණු හංගන්න එපා. අපි මුල සිටම පැවසූවා රජයේ සංඛ්‍යාලේඛන පිළිබඳව කිසිදු විස්වාසයක් නැහැ කියලා. මම රූපවාහිනි වැඩසහනකදීත් මේ බව ප‍්‍රකාශ කළා. නමුත් රජය ප‍්‍රකාශ කළා සංඛ්‍යාලේඛන නිවැරදියි කොරෝනා දැන් පාලන මට්ටමක තිබෙන්නේ කියා. නමුත් එදා අපි කිව්ව දේ අද ඇත්ත වෙලා තියෙනවා.

රජය කුමක් පැවසූවත් අද කොරෝනා නැවත සමාජගත වෙලා තිබෙනවා. අපි දුටුවා අයි.ඞී.එච්. රෝහලේ වෛද්‍යවරු ප‍්‍රකාශයක් නිකුත් කරලා තිබුණා ඔවුන් පොකුරු රෝගින්ගෙන් පිට කොරෝනා රෝගින් සිය ගණනකගේ වාර්තාවක් රජයට ලබාදී තිබෙනවා කියා. නමුත් රජය එම වාර්තා ප‍්‍රතික්ෂේප කරලා තිබෙනවා. එම ප‍්‍රතික්ෂේප කිරිමෙන් පැහැදිලි වන්නේ රජයට මෙම තොරතුරු සැගවීමේ අවශ්‍යතාවයක් තිබෙන බව. හොඳම උදාහරණය රජය මැතිවරණයට නාමයෝජනා කැදවනතෙක් කොරෝනා අවදානම ගැන ජනතාවට පැවසූවේ නැහැ. නමුත් නාමයෝජනා භාරගැනීමෙන් පසු රට වසා දැමුවා. එදත් රජය නාමයෝජනා වෙනුවෙන් තොරතුරු සැගවූවා. අදත් රජය මැතිවරණය වෙනුවෙන් තොරතුරු සගවනවාද ?

සෙෘඛ්‍ය අමාත්‍යතුමිය වරෙක පැවසූවා අපේ‍්‍රල් 19 කොරෝනා ඉවරයි කියලා. උපහාර උත්සව පවා පැවැත්වූවා. අපි එදා ඉදන්ම කිව්වේ මැතිවරණය කල් දාමු කියලා. නැවත පාර්ලිමේන්තුව කැදවලා මේ සෞඛ්‍ය වාර්තා ගැන විවාදයක් කරලා සංඛ්‍යාලේඛන වල සත්‍යතාව පැහැදිලි කරගමු කියා. නමුත් රජය ඇහුම්කන් දුන්නේ නැහැ. එදා රජය කිව්වේ අපි මැතිවරණයට බය නිසා පාර්ලිමේන්තුව නැවත කැදවන්න උත්සාහ කරනවා කියලා. නමුත් අද රජය කිසිදු හේතුවක් පවසන්නේ නැතිව මැතිවරණ කටයුතු නවත්වලා.

ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමේ සෞඛ්‍ය උපදේශන මාලාව. ඇයි රජය මේක ගැසට් කරන්නේ නැත්තේ ? ගැසට් කලානම් රජයට අවශ්‍ය විදිහට මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්න බැහැ. සෞඛ්‍ය උපදේශන මාලාව ගැසට් කලානම් රජය වුනත් මැතිවරණ නීති කඩකලොත් මැතිවරණ කොමසාරිස්ට බලය තිබෙනවා මැතිවරණ නීතිය අනුව ඒ අයට විරුද්ධව කටයුතු කරන්න. මොකද ඒ යටතේ රැස්වීමකට සහභාගි කරවන්න පුඑවන් 100ක පිරිසක් පමණයි. අද ඒ නීතිය වැඩිදුරම කඩකරන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි.

– මාධ්‍ය ඒකකය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොකුරුවලින් පිට සාමාන්‍ය සමාජයේ කොරෝනා රෝගීන් සිය ගණනක වාර්තාවක් වෛද්‍යවරුන් රජයට දීලා !
පොකුරුවලින් පිට සාමාන්‍ය සමාජයේ කොරෝනා රෝගීන් සිය ගණනක වාර්තාවක් වෛද්‍යවරුන් රජයට දීලා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjv3PLImytX5GNUDlqdaTqT_nVz67EvaGEkrmDS3DGurRM9yJjE8v_0djMK9WeD9wz4nXUVkqJmwe54wHXW7bPweNOVK3lwy1sxBUj2YR89Pk4shgFpEmawYAznPuLRVpiWXhMI317SB0E/s320/lakshman-kirialla.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjv3PLImytX5GNUDlqdaTqT_nVz67EvaGEkrmDS3DGurRM9yJjE8v_0djMK9WeD9wz4nXUVkqJmwe54wHXW7bPweNOVK3lwy1sxBUj2YR89Pk4shgFpEmawYAznPuLRVpiWXhMI317SB0E/s72-c/lakshman-kirialla.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_921.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_921.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy