සිය දෙදින ඉන්දුනීසියානු නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) දහවල් 12.30ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ...
සිය දෙදින ඉන්දුනීසියානු නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) දහවල් 12.30ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දුනිසීයාව බලා පිටත්ව ගියේය.
ඔහු සමග 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට එක්වූහ.
ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වන වික්‍රමසිංහ මහතා, ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (H.E. Joko Widodo), මුදල් අමාත්‍ය ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී (H.E. Sri Mulyani Indrawati) සහ සමුද්‍ර කටයුතු අමාත්‍ය ලූහුත් බින්සාර් පන්ජයිතාන් (H.E. Luhut Binsar Panjaitan) යන මහත්ම මහත්මීන් ද හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
12 වන ලෝක ඉස්ලාම් සමුළුවේ ආරම්භක සැසිවාරයේදී විශේෂ දේශනයක් පැවැත්වීමට ද වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබී ඇත.
එම සමුළුව අතරතුර මැලේසියානු අග්‍රාමාත්‍ය දතෝ ශ්‍රී නජිබ් තුන් අබ්දුල් රසාක් (Hon. Dato' Sri Najib Tun Abdul Razak), තජිකිස්තාන් ජනාධිපති එමොමලි රහ්මාන් (H.E. Emomali Rahman), ජෝරාදාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ජවාඩ් අල් අනානි (H.E. Dr. Jawad Al Anani) ඇතුළු රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු ම හමුවීමට නියමිතය.
අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, පස් අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මේ සංචාරයට එක්වෙති.
ටී.කේ.ජී.කපිල
COMMENTS