දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවේ චොකා මල්ලිගේ මිනීමැරුම් නඩුවේ තීන්දුවටත් කොරෝනා වැළඳිලාද ?
Homeප්‍රවෘත්ති

පොහොට්ටුවේ චොකා මල්ලිගේ මිනීමැරුම් නඩුවේ තීන්දුවටත් කොරෝනා වැළඳිලාද ?

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට එරෙහිව විභාග කෙරුණු මිනීමැරුම් නඩුවේ තීන්දුව පසුගිය අප්‍රේ...

"මංගල දැක්වූ ප්‍රතිචාරය ඔහුගේ පෞද්ගලික මතයක් - ආණ්ඩුවේ මතයක් නෙවෙයි"
රණවිරු සුරැකීමට ජනපති ඇමරිකාවේදී පොරොන්දු වෙයි
විරෝධය පසෙකලා කොළඹ කුණු පුත්තලමට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීට එරෙහිව විභාග කෙරුණු මිනීමැරුම් නඩුවේ තීන්දුව පසුගිය අප්‍රේල් 24 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණු නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එය යළිත් කල්ගිය ආකාරයක් පෙන්නුම් කෙරේ.

2015 ජනාධිපතිවරණය ආසන්නයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබුණු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරණ රැස්වීමක් වෙනුවෙන් සැරසිලි කටයුතු කරමින් සිටි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට මරණීය තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් එවකට විදුලිබල නියෝජ්‍ය අමාත්‍යවරයා වූ ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පැවැත්වෙන මෙම නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මෙසේ කල්ගියේ තුන්වැනි වතාවටය.

මීට පෙර ජනවාරි 17 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී රත්නපුර මහාධිකරණයෙහි සිටි විනිසුරුවරයා සඳහන් කර තිබුණේ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා, දැනට මාරුකර යවා ඇති, නඩුව විභාග කළ විනිසුරුවරයාම යළි කැඳවිය යුතු බවත් ඒ සඳහා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන බවත්ය.

ඉන් පසු පෙබරවාරි 18 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී ද එම විනිසුරුවරයා වෙනුවට පැමිණ සිටියේ රත්නපුර මහාධිකරණයෙහි වැඩබැලීම සඳහා පත්කර සිටින රත්නපුර පළාත්බද අභියාචනාධිකරණ විනිසුරු ඒ. එස්. පී. සේතුංග මහතා ය.

එහෙයින් නඩුව විභාග කළ විනිසුරුවරයාම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා යළි කැඳවන මෙන් අගවිනිසුරුවරයාට නැවත දන්වා යැවීමට කටයුතු කරන බව ප්‍රකාශ කරමින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අප්‍රේල් 24 වනදා දක්වාම කල් තැබීමටයි විනිසුරු ඒ. එස්. පී. සේතුංග මහතා නියම කළේ.

එනමුත් අප්‍රේල් 24 වනදා වනවිට කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබිණි.

ඒ අනුව විභාගයට පත්කර අවසන් කෙරුණු මෙම මිනීමැරුම් නඩුවේ තීන්දුව මාස 5කට අධික කාලයක් තිස්සේ නොයෙකුත් හේතූන් මත පදනම්ව ප්‍රකාශයට පත් නොකර තබාගෙන සිටින බව පැහැදිලිය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ලබාදුන් මරණාසන්න ප්‍රකාශය ප්‍රේමලාල් ජයසේකර මහතාට එරෙහි ප්‍රබල සාක්ෂියක් වශයෙන් පැවති බව ද නඩු විභාගය අතරතුරදී වාර්තා විය. මෙම මිනීමැරුම විශාල පිරිසක් බලා සිටියදී ප්‍රසිද්ධියේ කළ එකක් වූ අතර නඩුවට සාක්ෂිකරුවන් 59 දෙනෙකු ඉදිරිපත් කර තිබිණි.

කෙසේවෙතත් 2015 ජනාධිපතිවරණයේදී වත්මන් පාලක පක්ෂය විසින් සිදුකළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකට අදාළ මෙම මිනීමැරුම් නඩුවේ තීන්දුව මාස 5ක් තිස්සේ ප්‍රකාශයට පත් නොකර මෙතරම් ඇදෙන්නේ එම නඩු තීන්දුවටත් කොරෝනා වෛරසය වැළඳී ඇති නිසාදැයි අපට වැටහෙන්නේ නැත.

-lankanewsweb


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවේ චොකා මල්ලිගේ මිනීමැරුම් නඩුවේ තීන්දුවටත් කොරෝනා වැළඳිලාද ?
පොහොට්ටුවේ චොකා මල්ලිගේ මිනීමැරුම් නඩුවේ තීන්දුවටත් කොරෝනා වැළඳිලාද ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2EzyHes6q73TUcuQSZw_p_KbajeHNFtAJCan58nDynVHALT9iOVZm4MP1MPV00Zlck9zw2Jat7ByqUjQAIrD1-G9crHWVjVse6RcGsAL8szfERBnZhHFlCwoViLmqZbbD2yxJfQlBk30/s320/image_e483d6bc4c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2EzyHes6q73TUcuQSZw_p_KbajeHNFtAJCan58nDynVHALT9iOVZm4MP1MPV00Zlck9zw2Jat7ByqUjQAIrD1-G9crHWVjVse6RcGsAL8szfERBnZhHFlCwoViLmqZbbD2yxJfQlBk30/s72-c/image_e483d6bc4c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_337.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_337.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy