දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රණවිරු සුරැකීමට ජනපති ඇමරිකාවේදී පොරොන්දු වෙයි
Homeප්‍රවෘත්ති

රණවිරු සුරැකීමට ජනපති ඇමරිකාවේදී පොරොන්දු වෙයි

PropellerAds

ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලුදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලුදෙනාගේ අභිමානය සුරැකීමට...

උතුරේ හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ට බාධාවක් - ආනන්ද සංගරී
සපුගස්කන්දේ ඉන්ධන නළයක තෙල් කාන්දුවක්
මැතිසබේ ගැටුමට උසිගැන්වීම් කළේ දිනේෂ් ඇතුළු පිරිසක් - රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි
රණවිරු සුරැකීමට ජනපති ඇමරිකාවේදී පොරොන්දු වෙයි

ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලුදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලුදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප‍්‍රසාද ද නොඅඩුව ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී ය.

විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් සියලුදෙනා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

යුද්ධය පැවති කාලයේ සේම ඉන් පසුවත් යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා 2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප‍්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව සඳහන් කළේය.

යුද්ධයෙන් භාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලුදෙනාට නීතිය කි‍්‍රයාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ද පැවසූ ජනාධිපතිවරයා ජාත්‍යන්තර වශයෙන් අපේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ද වැඩිදුරටත් කියා සිටියේය.

අද ශ‍්‍රී ලංකා මාතෘ භූමිය තුළ නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සැබෑ ලෙසම තහවුරු කර තිබෙන අතර පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කිසිවෙකුට ඉකුත් වසර තුන හමාර තුළ පහර කෑමකට ලක්ව රට හැර දමා යාමට සිදු නොවූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇසට පෙනෙන සේම නොපෙනෙන ජයග‍්‍රහණ රැසක් පසුගිය වසර තුන හමාර තුළ ශ‍්‍රී ලංකා රජය ලබාගත් අතර අහිමි වූ ජාත්‍යන්තර සහය නැවත මාතෘ භූමියට දිනා ගැනීම සුවිශේෂී ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා සහභාගීවීමට සිදුකරන ලද තම ඇමරිකා සංචාරය මාතෘ භූමියේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ද ගෞරවය දිනා දුන් සංචාරයක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද ලෝකයේ තිබෙන ආර්ථික අසමානතා සමග ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ගැටලු මතු වුව ද ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මාතෘභූමියේ ගෞරවය රැකගනිමින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ දැඩි පැසසුමට ලක්විය.

මෙම හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කථාබහකට ද එක් විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රණවිරු සුරැකීමට ජනපති ඇමරිකාවේදී පොරොන්දු වෙයි
රණවිරු සුරැකීමට ජනපති ඇමරිකාවේදී පොරොන්දු වෙයි
http://am.lk/media/k2/items/cache/4f4f154eeee375f59ececca749a071cd_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_564.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_564.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy