කාදිනල්තුමන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයට අමාත්‍ය මංගල සමරවීර මහතා දැක්වූ ප්‍රතිචාරය ඔහුගේ පෞද්ගලික මතය බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ...
කාදිනල්තුමන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයට අමාත්‍ය මංගල සමරවීර මහතා දැක්වූ ප්‍රතිචාරය ඔහුගේ පෞද්ගලික මතය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඊයේ (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ හෝ ආණ්ඩුවේ අදහස නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් 13 ශ්‍රේණියේ සිසුන් සඳහා ඉතාලි භාෂාව හා ඉතාලි කර්මාන්ත ආශ්‍රිත පුහුණුවක් ලබාදීමට කටයුතු කර ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
අද දිනයේ තමන් විදේශ රැකියා අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස වැඩ භාරගත් බවත් අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ කිසිඳු දීමනාවකින් තොරව බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන් අමතමින් සිදුකළ ප්‍රකාශය අගය කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව ලාබාදීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බව එම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
COMMENTS