කොළඹ මහ නගර සභාවේ කැළි කසළ පුත්තලම අරුවක්කාඩු හි ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනයට රැගෙන යාමට නොවැම්බර් 01 වන දා සිට ආරම්භ කරන බව බස්නාහිර හා මහ...
කොළඹ මහ නගර සභාවේ කැළි කසළ පුත්තලම අරුවක්කාඩු හි ඉදිකළ සනීපාරක්ෂක කසළ රඳවනයට රැගෙන යාමට නොවැම්බර් 01 වන දා සිට ආරම්භ කරන බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය පවසයි.
එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, පළමු අදියරේදී විශේෂිත වාහන යොදා ගනමින් කොළඹ මහ නගර සභාවේ කසළ ටොන් 600 ක් දෛනිකව අරුවක්කාඩු වෙත රැගෙන යාමට සැළසුම් කර ඇති බවයි.
කෙසේ වෙතත් පුත්තලම, අරුවක්කාඩු කසළ රඳවනයට විරෝධය පළ කරමින් පසුගිය සති කිහිපයේ ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂණවල නිරත විය.
COMMENTS