දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැකෝගේ අවසන් තීන්දුව! : සෞඛ්‍ය නීතිවලට අනුව ඡන්දය තැබීම අපහසුයි
Homeප්‍රවෘත්ති

මැකෝගේ අවසන් තීන්දුව! : සෞඛ්‍ය නීතිවලට අනුව ඡන්දය තැබීම අපහසුයි

PropellerAds

පා ර්ලිමෙන්තු මහා මැතිවරණය පැවැත් වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසම ලබන 14 වැනිදාට පෙර ස්ථිර තීරණයකට එළඹෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් ...

මත්ද්‍රව්‍ය පාලනය කරන්න ත්‍රිවිධ හමුදාවට බලතල පවරයි
සතිඅන්තයේ රටපුරා රෝහල්වල ලේ හිඟයක්? ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දොට්ට!
"ප්‍රශ්න ඇසීමෙන් ඔබතුමාගේ ලොක්කට ප්‍රශ්නයක්" - අජිත් නිවාඩ් මාධ්‍යවේදියෙකුට කියයි (VIDEO)
පාර්ලිමෙන්තු මහා මැතිවරණය පැවැත් වෙන දිනය පිළිබඳව මැතිවරණ කොමිසම ලබන 14 වැනිදාට පෙර ස්ථිර තීරණයකට එළඹෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. මෙම කාලයේ සෞඛ්‍ය බලධාරීන් හා අදාළ අංශ සමග සාකච්ඡා කර කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සමාලෝචනයක් කරනු ඇති බවත් ඊට අනුව මනාප අංක සහිත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට සූදානම්වන බවත් පැවසේ.

සෞඛ්‍ය නීතිවලට අනුව ඡන්දය තැබීම අපහසුයි - මැතිවරණ කොමිසම

මේ අතර, අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (04) භාරදී ඇති බවත්, මහ මැතිවරණයකදී මෙම සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඉතා අපහසු බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායමට දැනුම් දී ඇති බවයි.

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ අදාළ වාර්තාවේ ඇතුළත් බව පැවසේ.

මෙම වාර්තාව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන, අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන සහ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර විසින් සකස් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාරදී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත මෙම සෞඛ්‍ය නිර්දේශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇති බව වාර්තා වේ.

නීතිපතිගේ උපදෙස්

මේ අතර, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ නීතියට අනුකූලව පැවැත්වීමට පියවර ගැනීම යෝග්‍ය බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා ඊයේ (04) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ.

මේ වන විට නාමයෝජනා පත්‍ර භාරගෙන ඇති බැවින් මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුගමනය කරමින් ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බව ද නීතිපතිවරයා සිය ලිපිය මගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දී ඇත.

Covid - 19 වසංගත තත්ත්වය මත පසුගිය මාර්තු 17, 18 සහ 19 යන දින තුන නිවාඩු දිනයන් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබියදී නාමයෝජනා පත්‍ර භාර ගැනීම සම්බන්ධයෙන් යම් නීතිමය දෝෂයක් ඇත්නම් ඒ සම්බන්ධව උපදෙස් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙරේදා (03) ලිඛිතව කර තිබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා එලෙස දන්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැකෝගේ අවසන් තීන්දුව! : සෞඛ්‍ය නීතිවලට අනුව ඡන්දය තැබීම අපහසුයි
මැකෝගේ අවසන් තීන්දුව! : සෞඛ්‍ය නීතිවලට අනුව ඡන්දය තැබීම අපහසුයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiXS9nrI3o_RrWfU6Dx36oIRlg-nGJsWY-zNG6zBY1qWMfZvq-Z0kvX60YRXFkhsnDB3rowi4fIMSuD4oguQm_ZQBpCIuvbGfUsFve9vavNF8x1sgnbsCjEcGk7Lt0AvxKPF_-MKdxx6o/s320/fff7056a38e8fcf511ca52750038db49_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiXS9nrI3o_RrWfU6Dx36oIRlg-nGJsWY-zNG6zBY1qWMfZvq-Z0kvX60YRXFkhsnDB3rowi4fIMSuD4oguQm_ZQBpCIuvbGfUsFve9vavNF8x1sgnbsCjEcGk7Lt0AvxKPF_-MKdxx6o/s72-c/fff7056a38e8fcf511ca52750038db49_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_66.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_66.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy