හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මාධ්‍යවේදියෙකු අතර උණුසුම් කතාබහක් ඇති විය. එහිදී මාධ්‍යවේදියාට ඒ මහතා කියා සිටියේ ප්...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මාධ්‍යවේදියෙකු අතර උණුසුම් කතාබහක් ඇති විය.
එහිදී මාධ්‍යවේදියාට ඒ මහතා කියා සිටියේ ප්‍රශ්න ඇසීමෙන් ඔබතුමාගේ ලොක්කට ප්‍රශ්නයක් ඇති විය හැකි බවයි.
ඒ ඊයේ පැවති යුක්තියට ඉඩක් මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි අහලා තියෙනවා බොහෝ අවස්ථාවලදී තවමත් අවුරුදු තුන හමාරකට පස්සෙ මේ වැරදි කරපු අයව දඩුවම් කරන්න බැරිවෙලා . මේ වැරදි කෙරුවයි කියලා කිව්වේ කවුද? රාජිත සේනාරත්න ඇමතිවරයා කිව්වා එයා ඇස් දෙකෙන් දැක්කා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට බිලියන 18 ක අකවුන්ට් එකක් තියෙනවා කියලා. තාම හොයා ගන්න බැරි වුණා කියලා කියනවා. යම් කිසි දෙයක් නැත්නම් හොයාගන්න බැහැ. මේගොල්ලෝ පුළුවන් තරම් හෙව්වා. හම්බුනේ ඒගොල්ලොන්ගෙ වැරදි. බැදුම්කර වංචාව හම්බුනා.”
එම කතාබහ ඇති වූ වීඩියෝව පහතින්,
COMMENTS