මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ ක...
මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සර්ථකව මැඬපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය වැඩිවශයෙන් ලබාගැනීම මෙම යෝජනාවෙන් රජය බලාපොරොත්තු වේ.
මේ අතර මත් කුඩු ජාවාරමට සම්බන්ධය පුද්ගලයින් හට මරණීය දඬුවම ලබා දීමේ ක්‍රමවේදයක් සකසන බව ඊයේ(10) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී යෝජනා වූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසී ය.
එම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ බවත් කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා එම යෝජනාව ඒකමතිකව අනුමත කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS