දුෂණ චෝදනා එල්ල වූ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්...
දුෂණ චෝදනා එල්ල වූ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (10) සිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඇතිව ඇති දූෂණ සහ අධ්‍යක්ෂවරයාගේ අක්‍රමිකතාවන්ට විරෝධය පා වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කර තිබිණි.
ඉතිහාසයේ ප්‍රථමවතාවට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රෝහල්වල ලේ හිඟයක් ඇතිවිය හැකි බවට බලපෑම්ද එල්ල විය.
ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පවසන්නේ මෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සතිඅන්තය වන විට රටපුරා රෝහල්වල ලේ හිඟයක් ඇතිවිය හැකි බවයි.
COMMENTS