දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමගි ජන බලවේගයට එක්වූ එජාප නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
Homeප්‍රවෘත්ති

සමගි ජන බලවේගයට එක්වූ එජාප නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

PropellerAds

ප ක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 නෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ...

කැබිනට් එපා රාජ්‍ය-නියෝජ්‍ය ඇමතිකමක් දුන්නොත් මං එනවා.. විපක්‍ෂයේ නායකයෙක් බැගෑපත් වේ !
දයාසිරි කැබිනට් මණ්ඩලයෙන් ඉවතට ?
කොරල් පරයක වැදී ඉන්ධන රැගත් නෞකාවක් අනතුරට ලක්වේ : ඉන්දියන් සාගර කළාපය දැඩි අවධානමක - (photos)
ක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගයේ නාමයෝජනා ලබා ගෙන ඇති සාමාජිකයින් 102 නෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පළාත් පාලන නියෝජිතයින්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ඊට ඇතුළත්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එලෙස කටයුතු කර ඇති සාමාජිකයින්ගෙන් මේ වන විටත් නිදහසට කරුණු විමසා ඇති බවත්, ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර ඒ පිළිබඳව කටයුතු කරන බවයි.

"පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳවයි'' යන්න මාතෘකා කරගනිමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය පක්ෂ සාමාජිකයින් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගෙන නාමයෝජනා භාර දී ඇති අතර, පක්ෂ ව්‍යවස්ථාව අනුව එසේ කිරීමට නම්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වෙයි.

එහෙත් මතභේදයට තුඩු දී ඇති සාමාජිකයින් ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කර නොමැති බවත් එසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ට විරුද්ධව පක්ෂ ව්‍යවස්ථාවට අනුව ක්‍රියාකිරීමට පක්ෂ නායකත්වය කටයුතු කරන තත්ත්වයට පත්ව ඇති බව ද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

එහි දැක්වෙන්නේ, එලෙස වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයින් දැනටමත් එම තීරණ පිළිබඳ සිය පසුතැවිල්ල දන්වා එවා ඇති බවයි.

ඒ අනුව අදාළ සාමාජිකයින්ගෙන් ඊට අදාළව නිදහසට කරුණු විමසා ඇති බවත් ඒවා සියල්ල පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කර, සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් වී ඇති සමගි ජන බලවේගයට පහරදීමේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂ කල්ලිය භාරගෙන ඇති බව පෙනෙන්නට ඇති බවයි.

‍එහි දිගුවක් ලෙස සමගි ජන බලවේගයට එරෙහිව දැවැන්ත අවලාද ප්‍රහාරයක් සංවිධානාත්මකව ආරම්භ කර ඇති බව පෙනී යන බව මහලේකම්වරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට සාකච්ඡා පවත්වමින් තිබෙන බවට සහමුලින්ම අසත්‍ය පදනම් විරහිත පුවත් කිහිපයක් ඇතැම් මාධ්‍ය තුළ පළ වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස බවයි.

සමගි ජන බලවේගයේ පිරිසක් එම පාර්ශ්වය සමඟ එකතු වනවාද නැතිනම් එම පාර්ශ්වයේ පිරිසක් සමගි ජන බලවේගයට එකතු වනවා ද යන්න ඉතා නුදුරේදීම දැක ගත හැකියි.

මානසික වින්දනයක් උදෙසා ඔවුන් සිදු කරන ව්‍යාජ රංගනය කෙරෙහි අනුකම්පාවෙන් යුතුව බලා සිටින බව ද සමගි ජන බලවේගයේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමගි ජන බලවේගයට එක්වූ එජාප නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
සමගි ජන බලවේගයට එක්වූ එජාප නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5YASsDjUWJIF_PmhX_nbcyqSoobKz9KeSZZl5HjBxBYigJmaYI6i5iMQ7oY62iCrGMGOKiPQdMKRhtZb8AQsRpcIe5f4vVjrh56993kQ071_Oagr_uKgEGPfhMAnfx-LCrS5742mz9YQ/s320/ad4cdd44cc6194abdcd8c2abc13f72fc317836cb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5YASsDjUWJIF_PmhX_nbcyqSoobKz9KeSZZl5HjBxBYigJmaYI6i5iMQ7oY62iCrGMGOKiPQdMKRhtZb8AQsRpcIe5f4vVjrh56993kQ071_Oagr_uKgEGPfhMAnfx-LCrS5742mz9YQ/s72-c/ad4cdd44cc6194abdcd8c2abc13f72fc317836cb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_574.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_574.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy