දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය කොරෝනා අවදානමක - බලපෑමක් මත PCR පරීක්ෂණ හදිසියේ නවතා දමලා
Homeප්‍රවෘත්ති

මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය කොරෝනා අවදානමක - බලපෑමක් මත PCR පරීක්ෂණ හදිසියේ නවතා දමලා

PropellerAds

මි නුවන්ගොඩ මූලික රෝහලේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් ස...

මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් ගැන තලතා කතා කරයි
"අපේ නාවික - ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් තනතුරු දෙන්න කලින් ප්‍රභාකරන්ට දෙන්න තිබ්බා" - ෆොන්සේකා (VIDEO)
දිගම්බරන් අගමැති සමඟ තීරණාත්මක සාකච්ජාවක
මිනුවන්ගොඩ මූලික රෝහලේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි නාවික හමුදා නිලධාරීන් පිරිසක් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමගම ඔවුන් සමග සමීපව කටයුතු කර අවදානමට ලක්ව ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසකට සිදු කිරීමට නියමිතව තිබු PCR පරීක්ෂණය කිසිවෙකුගේ බලපෑම මත නවතා දමා ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය චෝදනා කරයි.

හෙද හෙදියන් ඇතුළු මිනුවන්ගොඩ මුලික රෝහලේ කාර්ය මණ්ඩලයෙන් පිරිසක් ආසාදිත නාවික හමුදා නිලධාරීන් සමග සමීපව කටයුතු කිරීම නිසා ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ආසාදිතයන් සමග ගැටුනු පිරිස් හදුනාගෙන ඔවුන්ව විද්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව වර්ගීකරණය කර ඇති බව පෙන්වා දෙන හෙද සංගමය කිසිවෙකුගේ බලපෑම මත ඔවුන්ට සිදු කිරීමට නියමිතව තිබු PCR පරීක්ෂණය හදිසියේ නවතා දමා ඇති බව පෙන්වා දෙයි.

නමුත් රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි ඉල්ලීම මත ඊයේ (28) දිනයේ මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සහ තවත් රෝහල් සේවකයින් කිහිප දෙනෙකු සඳහා පමණක් එම PCR පරීක්ෂණය සිදු කර ඇති අතර නාවික හමුදා නිලධාරීන් සමග සමීපව කටයුතු කළ හෙද හෙදියන් ඇතුළු සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා එම පරීක්ෂණය සිදු නොකිරීම බලවත් අසාධාරණයක් බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් හෙද නිලධාරී එස් .බී මැදිවත්ත මහතා ඊයේ බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

පවතින තත්ත්වය යටතේ තමන්ටද කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වූ දැඩි භීතියක් රෝහල් කාර්ය මණ්ඩලය අතර පැතිර ගොස් ඇති බව හෙද නිලධාරී මැදිවත්ත මහතා සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

තම ජීවිත අවදානම පවා නොතකා රාජකාරියේ නිරතවී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන් දක්වා ඇති අඩු සැලකිල්ල පිළිබදව සිය බලවත් අප‍්‍රසාදය පළ කර සිටින බවත් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති රෝහලක් වන මිනුවන්ගොඩ මුලික රෝහලේ  හෙද හෙදියන්ගේ ආරක්ෂාව සම්බන්ධව මැදිහත්වීමට වෘත්තීය සමිතියක් ලෙස තමන්ට වගකීමක් ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

ඉහත සිදුවීම නිසා තම සෞඛ්‍ය තත්ත්වය පිළිබද අවිනිශ්චිත වාතාවරණයකට මුහුණ පා සිටින හෙද හෙදියන් ඇතුළු මිනුවන්ගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ යුතු PCR පරීක්ෂණය ප‍්‍රමාදයකින් තොරව සිදුකර ඔවුන්ට නිදහස් මනසකින් සේවය කිරීමට අවශ්‍ය පරිසරය රෝහල තුළ ඇති කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද එම ලිපියෙහි වැඩිදුරත් සඳහන් කර තිබේ .


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය කොරෝනා අවදානමක - බලපෑමක් මත PCR පරීක්ෂණ හදිසියේ නවතා දමලා
මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය කොරෝනා අවදානමක - බලපෑමක් මත PCR පරීක්ෂණ හදිසියේ නවතා දමලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyw64CYFD0ZM251nJaccc-Npyma5M_pGIj8FW7UaB3FVyWsSsQWE11mc5ZYU1Zvlg33lCehHkvyrkZOE1SVnIdXsaMygr6bpgm-MnKT-jtirjjJd7w_dVaqtUYQ9nw6XQzUp7JpQ8SyX0/s320/7c7d64203a3174dbafeead53ae2cd725_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyw64CYFD0ZM251nJaccc-Npyma5M_pGIj8FW7UaB3FVyWsSsQWE11mc5ZYU1Zvlg33lCehHkvyrkZOE1SVnIdXsaMygr6bpgm-MnKT-jtirjjJd7w_dVaqtUYQ9nw6XQzUp7JpQ8SyX0/s72-c/7c7d64203a3174dbafeead53ae2cd725_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/pcr_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/pcr_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy