දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් ගැන තලතා කතා කරයි
Homeප්‍රවෘත්ති

මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් ගැන තලතා කතා කරයි

PropellerAds

මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් සිටිනා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසිය. මෙම අදහස් පල...

'ආවා' සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් විමර්ශනයක්
ප්‍රකාශ පරස්පරයි: අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණ සැකසහිතයි
තිස්සගේ පෙත්සම විභාගයට ගැනීමට තීන්දුයි
මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් ගැන තලතා කතා කරයි

මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් සිටිනා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසිය.

මෙම අදහස් පල කළේ රුපියල් මිලියන 500 වියදමින් ඉදිකිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී ඒ මහත්මිය මෙසේ ද අදහස් දැක්විය.

"මේ අධිකරණය පිහිටුවීමේ කටයුත්තේදී රවින්ද්‍ර සමරවීර ඇමතිතුමාගේ විශාල කාර්යය භාරයක් සිදුකලා. අධිකරණය ඉදිකිරීම සඳහා ඉඩමක් නොමැතිව ප්‍රශ්ණ රාශියක් ඇතිවුනා. ඒ සඳහා ඉඩමක් ඇමතිතුමාගේ මැදිහත්වීමෙන් ලබා දුන්නා. එහෙම ලබා නොදුන්නානම් පොඩි මුදලක් නෙමෙයි ලක්ෂ පන් දහසක් ආපහු යනවා. ඉඩම ලබාදීමත් සමඟ අපි අධිකරණ අමාත්‍යාංශයට පවරාගෙන  අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. මේ පලාත් වල අධිකරණ කටයුතු සිදුකිරීමේදී ජනතාව මෙන්ම විනිසුරුවරුත් ඉතා අපහසුතාවයට පත් වෙනවා. ඇතැම් විට නිල නිවාස නැහැ. අනෙකුත් පහසුකම් නැහැ. ඒක අපේ අඩුපාඩුවක් මෙන් ම දීර්ඝ කාලයක සිට එම කටයුතු ඉටු නොවීමට එය ද බලපා තිබෙනවා. බදුල්ලේ සිවිල් අභියාචනා විනිසුරුවරුන්ගේ විනිසුරු නිල නිවාස ඉදි කරන්න ලක්ෂ 700 ක් වෙන් කළා. ඒ වගේම සියඹලාන්ඩුව හා මොණරාගල විනිසුරු නිල නිවාසත් මේ වෙනකොට ඉදිවෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය වගේම විනිසුරුවරුන්ගේ අවශ්‍යතාව පිළිබඳවත් අපි සොයා බලන්න ඕනි. විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව උපරිම වශයෙන් සිතන පතන රජයක් මේක. රත්නපුරයට අධිකරණ සංකීර්ණයක් ලබා දීමට මම කටයුතු කළා, නැතිනම් කියයි අධිකරණ ඇමති වෙලා හිටියා රත්නපුරයට උසාවියක්වත් දුන්නේ නෑ කියලා. මීට පෙර කතා කළ ඌව පලාතේ ආණ්ඩුකාරතුමා මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳව වැදගත් කතාවක් සිදුකළා. දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති වල ඉඳලා අපිට වැඩ කරන්න පුළුවන් නමුත් අපි රටක් ලෙස ඉදිරියට යා යුතුයි. අධිකරණයේ ස්වාධීණත්වය ආරක්ෂා කිරීමේදී විධායකය ලෙස ගරු ජනාධිපතිතුමාට විශාල වගකීමක් තියෙනවා. විනිසුරුවරුන් පත්කිරීම, උසස් කිරීම, විධායකවට අයිති දෙයක්. ව්‍යවස්ථාදායකය ලෙස අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි උපරිමයෙන් ක්‍රියා කරනවා. කිසිම හේතුවකින් විනිසුරුවරුන්ට දුරකතන සංවාද අපේ අගමැතිතුමා දීලා නැහැ. ඒ ගැන ඇමතිවරියක්  වශයෙන් මම සතුටු වෙනවා. අද හත්ලක්ෂ තිස් දාහකට වඩා නඩු අධිකරණ වල තියෙනවා. මේවා කඩිනම්න විසඳිය යුතුයි. ඒ සඳහා අපි ක්‍රියාමාර්ග රැසක් අරගෙන තියෙනවා. කොළඹ තියෙන අභියාචනාධිකරණය තවදුරටත් පලාත් වලට ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළ යුතුයි. බන්ධනාගාර වලට ගිහිල්ලා කතා කරන කොට ඒවායේ රැඳවියෝ ගොඩක් අය කියන්නේ නීතිපති උපදෙස් නැති නිසා ඇප ලබාගන්න බැරිව බන්ධනාගාරෙ ඉන්න වෙලා තියෙනවා."

"මේ දැන් දුරකතන ඇමතුමක් ආවා වැලිකඩ බන්ධනාගාරයට සැරයන්වරයෙකු හෙරෝයින් අරන් ගිහිල්ලා, අහුවෙලා කියලා. අද බන්ධනාගාරයේ ඇතුලේ ඉඳලා ජාවාරම් කරන්න ඔවුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. අපි දේශපාලඥයෝ ගෙදර යන්න පුළුවන් අපි ඕනිවෙලාවක ගෙදර යන්නත් ලැහැස්තියි. ඒත් අපි රට වෙනුවෙන් හරි දේ කරන්න ඕනි. අද දවසේ අපේ කාර්යය භාරය කරන්න ඕනි, අපි ශක්තිමත් වැඩ පිළිවෙලක් කරගෙන ආවා, ඒක ඔක්තෝම්බර් 26 වෙනිදා අපිව එලවන්න ආපු  හින්දා පොඩ්ඩක් අඩපණ උනා. ඒ වැඩ පිළිවෙල නැවතත් ආරම්භ කරලා තියෙනවා. මත්කුඩු ජාවාරම ගැන අද සමාජය හුගක් දැනුවත් අද මුහුදු යන ධීවරයකුටවත් සැනසිල්ලේ යන්න නැහැ. මොකද මේ මත්කුඩු ප්‍රවාහණය මුහුද හරහාත් වෙනවා. අපි නැහැ කියන්නේ නැහැ මේවාට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයොත් ඉන්නවා. අධිකරණයේ, පොලිසියේ, පැමිණිලි නඩු එන විදිහට අපිට සංතෝෂ වෙන්න බැහැ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි වත්මන් අගමැතිතුමා යටතේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා. අපි ලඟදි කැබිනට් එක හරහා පාසල් වල 6 – 7 වසරේ ඉඳලාම නීතිය උගන්වන්න වැඩපිළිවෙලක් සකස් කළා. කුඩා කාලයේ ඉදලම මූලික නීතිය, අපරාධ සිදුකිරීමේ ප්‍රතිවිපාක සම්බන්ධ නීතිසංග්‍රහය පිළිබඳව ළමා සමාජය දැනුවත්ව සිටීම තුලින් අපරාධ අඩු වෙනවා. රජයට මුදල් ආවා කියලා නඩු ප්‍රමාණය වැඩි වන තරමට උසාවි වැඩි වුනාට අපට සතුටු වෙන්න බැහැ." යයිද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් ගැන තලතා කතා කරයි
මත්ද්‍රව්‍යට උල්පන්දම් දෙන ඇතැම් දේශපාලඥයන් ගැන තලතා කතා කරයි
http://am.lk/media/k2/items/cache/46cfc04191e9b1deebf606878bec502c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_42.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_42.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy