ජ නාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් එවන ලද ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම ලබන බදාදා (15) රැස්වීමට නියමිතය. ...
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් එවන ලද ලිපිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම ලබන බදාදා (15) රැස්වීමට නියමිතය.
ඒ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජයසුන්දර මහතාට සුදුසු පිළිතුරක් සකස් කිරීම සඳහාය.
කෙසේවුවද, එම කොමිසම මීට පෙර රැස්වීමට තීරණය කර තිබුණේ අප්‍රේල් 20 වැනිදා බව සභාපති මහින්ද දේශප්‍රිය මහතා සන්ඩේ මෝර්නිං වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
ඉකුත් සතියේ පීබීගේ ලිපිය ලැබුණු විගස, කොමිසම අප්‍රේල් 15 වැනිදා රැස්වී ලිපියේ මතු වූ කරුණු සාකච්ඡා කර ජනාධිපතිවරයාට පිළිතුරක් යැවීමට තීරණය කර ඇති බව පැවසේ.
දේශප්‍රිය මහතා වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.
"කොමිෂන් සභාවක් වශයෙන් අප මේ පිළිබඳව සාකච්ඡා කර ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති හෙයින් මට ඒ පිළිබඳව මගේ මතය ඉදිරිපත් කළ නොහැකිය. එබැවින්, කොමිසමේ මීළඟ රැස්වීමට පෙර, අපට පූර්ව සූදානම් සටහනක් එවිය හැකි නමුත්, පිළිතුරක් යවනු ලබන්නේ කොමිසමේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුය.
2020 මාර්තු 31 සහ 2020 අප්‍රියෙල් 1 දිනැති “පාර්ලිමේන්තු මැතිවරණය 2020 සහ නව පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය” යන මාතෘකාව යටතේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් එවන ලද ලිපිවලට ප්‍රතිචාර වශයෙන් ආචාර්ය ජයසුන්දර මහතා පසුගිය අප්‍රේල් 06 වැනිදා දේශප්‍රිය මහතා වෙත ලිපියක් යවා තිබිණි.

COMMENTS