දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි
Homeප්‍රවෘත්ති

ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි

PropellerAds

ර ට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ ...

විපක්ෂ නායක ධුරය සම්බන්දන්ගෙන් උදුර ගන්න යයි
යාපනයේ සුලිපුරම්හි මිය ගිය පාසල් දැරියගේ බවට සැකකෙරෙන නිල ඇඳුම් හමුවෙයි (PHOTOS)
ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් දිගම්බරම්ගේ පක්ෂයට එක් වෙයි
ට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී ජන ජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය සහ පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සමස්ථ ක්‍රියාදාමය කොරෝනා මර්දනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෙනයන වැඩපිළිවෙළට යටත්ව විය යුතුය. ජන ජීවිතය බිඳ නොවැටෙන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම ද අවශ්‍යතාවකි. ගොවියා සහ දේශීය ආර්ථිකය සුරැකෙන පරිදි රට තුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා හැරීමට සැලසුම් කෙරේ.

25 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, බැංකු ප්‍රධානීන්, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී තීරණ රැසකට එළැඹෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සහල්, පොල්, එළවළු, බිත්තර, කුකුළු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතී. මේවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමූපකාර සහ සුපිරිද වෙළෙඳසැල් ඒකාබද්ධව අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් සකස් කර ප්‍රාදේශීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. ඒවා ඒ ඒ ජන කොටස් අපේක්ෂා කරන පරිදි විවිධ මිල ගණන් යටතේ සකස් කර ලබා දිය හැකිය. ක්‍රියාදාමය මෙහෙයවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ද සහය ලබා ගැනේ.

රජයේ රෝහල්වල ලියාපදිංචිව අඛණ්ඩව ඖෂධ මිලදීගන්නා රෝගීන්ට අදාළ බෙහෙත් වට්ටේරුවලට අනුව නිවසටම ඖෂධ බෙදාහැරීමට තීරණය කෙරිණ. ප්‍රාදේශීය ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ආරක්ෂක අංශ ද මීට දායක කර ගැනේ.

පෞද්ගලික ෆාමසිවලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්‍රාදේශීයව තෝරාගත් ෆාමසි කිහිපයක් නම් කර නිවසටම බෙදාහැරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ද සාකච්ඡා කෙරිණ.

වෙළෙඳ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට දායක වන අයුරින් වාණිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස ද, ඒවායේ ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය.

දුරකථන ඇණවුම් මගින් නිවෙස් වෙතම ගෑස් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියේය.

සමස්ත ව්‍යාපෘතියේ අරමුණ ජනතාව ඒකරාශිවීම වළක්වා කොරෝනා වෛරසය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමයි.

බෙදාහැරීමේ කාර්යයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවා නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහභාගී කර ගැනේ. මේ වන විට රටවල් රැසක් පූර්ණ වශයෙන් ආනයන, අපනයන ක්‍රියාවලිය නවතා ඇත. උද්ගත තත්ත්වය කෙරෙහි වැඩි අවදානයක් යොමු කර ස්ථාවර නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වගා සහ ධීවර කටයුතු බාධාවකින් තොරව පවත්වාගන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණ.

එළවළු මෙන්ම වී, බඩ ඉරිඟු, උඳු, මුං, කවුපී, කුරක්කන් වගා සඳහා ගොවීන් දිරිමත් කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

චමල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්. ආටිගල යන මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් සමරනායක
අධ්‍යක්ෂ ජනරාල්
ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි
ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjt0NJdXBI3b3lgS2cm82peq_KruARC9zQE-YJ3ebVMlvh8VU1noISCCJDPGgwAJS0EgwJ8B64p_gqOICBBxI6q6S8CJ-oXrALzojqK4NP_eblcH62a3uQ-DTYTDlSSoClBtgNyDTS7zyPc/s320/coror.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjt0NJdXBI3b3lgS2cm82peq_KruARC9zQE-YJ3ebVMlvh8VU1noISCCJDPGgwAJS0EgwJ8B64p_gqOICBBxI6q6S8CJ-oXrALzojqK4NP_eblcH62a3uQ-DTYTDlSSoClBtgNyDTS7zyPc/s72-c/coror.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_416.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_416.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy