යාපනය , සූලිපුරම් ප්‍රදේශයේදි ඝාතනය වු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇදගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම් කොටස් කිහිපයක් කැලෑවක තිබි සොය...
යාපනය,සූලිපුරම් ප්‍රදේශයේදි ඝාතනය වු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇදගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම් කොටස් කිහිපයක් කැලෑවක තිබි සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පැවසීය.
පොලීසිය පැවසූවේ දැරිය ඝාතනයට ලක්වු ස්ථානයට මීටර 500 ක පමණ දුරක ලඳු පඳුරක් අසල තිබි දැරිය ඇඳ සිටි යට ඇඳුමක කොටස් යැයි සැක කරන කොටස් කිහිපයක් එලෙස ඊයේ(01) සවස සොයාගත් බවටයි.
දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් 22 හැවිරිදි දැරියගේ බාප්පා කෙනෙකු හා වයස අවුරුදු 18 ක් හා 17 ක් වන මාමාවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පැවසීය.
දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව එහිදි අනාවරණය වු වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.
පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි 25 වැනිදා සවස සොයා ගැණින.
පොලිසිය පැවසූවේ දැරිය 25 වැනිදා පාසල් ගොස් නැවත නිවස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගත් බවයි.
06 හැවිරිදි සිවනේස්වරන් රෙජීනා දැරිය කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ මෙම දැරිය අධ්‍යාපනය ලබන බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන වඩුක්කොඩෙයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS