ලංකා කම්කරු කොංග්‍රසයේ අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි ආර්.රෙන්ගරාජ් මහතා සහ එම පක්ෂයෙන් ඔහුට සහය දැක්වු ආධාරකරුවන් ...
ලංකා කම්කරු කොංග්‍රසයේ අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි ආර්.රෙන්ගරාජ් මහතා සහ එම පක්ෂයෙන් ඔහුට සහය දැක්වු ආධාරකරුවන් 50 දෙනෙකු තමන් නායකත්වය දරන වෘත්තිය සමිති වල සමාජිකත්වය ලබා ගත් බව අමාත්‍යය පලනි දිගම්බරම් පැවසීය.
නව ගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යයේදි ඊයේ (02) මෙම පිරිස එක්වු බවයි අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේය.
මේ අනුව එම පිරිස අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයට එක් වි ඇත.
මෙම පක්ෂවලට එක් වු ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රි ආර්.රෙන්ගරාජ් මහතා කියා සිටියේ තමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ වසර 35ක කාලයක් ක්‍රියාකාරි සමාජිකයකු ලෙස කටයුතු කල බවත්,පක්ෂ නායකත්වය විසින් තමන්ට නිසා ගෞරවය ලබා නොදිම නිසා මෙසේ එම පක්ෂය හැර අමාත්‍යය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන වෘත්තිය සමිති වලට එක් විමට තිරණය කල බවයි.
ඉදිරියේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය දක්වන 200 කට ආසන්න පිරිසක් මෙසේ තමන් සමගඑක් වන බවයි ආර්.රෙන්ගරාජ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS