පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන ලෙස එහි ප්‍රධානීන් කතානායකවරයාගෙන් අද ඉල්ලීමක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්...
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන ලෙස එහි ප්‍රධානීන් කතානායකවරයාගෙන් අද ඉල්ලීමක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. රජයෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජිකයන් ඒකාබද්ධ විපක්ෂයට යෝජනා කර ඇත්තේ විපක්ෂ නායක ධුරය හිමි විය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයට බවයි. මේ අනුව දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්දන් මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කර ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයකු පත් කරන ලෙස ඔවුන් අද කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.
COMMENTS