දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට තමන්ගේ අයම හරස් කපනවා.. වෙනම රටක් ඉල්ලන අයට නගර සභා දී අත්හිටුවනවා.. මේ කලියුගය ඇරඹුමද - ගැටඹේ හිමිගෙන් සැර නිවේදනයක්
Homeප්‍රවෘත්ති

ජනපතිට තමන්ගේ අයම හරස් කපනවා.. වෙනම රටක් ඉල්ලන අයට නගර සභා දී අත්හිටුවනවා.. මේ කලියුගය ඇරඹුමද - ගැටඹේ හිමිගෙන් සැර නිවේදනයක්

PropellerAds

ර ට දැය සමය වෙනුවෙන් කථාකරමින් සිටි පුද්ගලයින් ගොළු වෙමින් සිටින බවත් වෙනම රාජ්‍යයකට අර අදින්නවුන්ට නගර සභා පිරි නමා හදිසියේම එය තාවකාලිකව ...

ඇමති විජයදාස ස්වීට්සර්ලන්ත අධිකරණ ඇමතිනිය හමුවෙයි
ඇමති කබීර්ට නිලධාරීන් වැරදි තොරතුරු දීලා
පැය 11ක මෙහෙයුමකින් රත්මලානේ ගින්න නිවයි (PHOTOS)
ට දැය සමය වෙනුවෙන් කථාකරමින් සිටි පුද්ගලයින් ගොළු වෙමින් සිටින බවත් වෙනම රාජ්‍යයකට අර අදින්නවුන්ට නගර සභා පිරි නමා හදිසියේම එය තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරි විමල හිමියෝ පවසති.

විශේෂ ලිපියක් ලියමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

උන්වහන්සේගේ ලිපිය

“ශ‍්‍රී ලංකාව පුරා පසුගිය වකවානුවේ සිදුවු සිංහල බෞද්ධ විරෝධි ද්‍රෝහි ක‍්‍රියාකාරකම් අතර ජාතින් වඳ කිරීම, සංස්කෘතික විනාශය, පුරා වස්තු ඩෝසර් කිරීම හා අකා මකා දැමීම, බුදු පිළිම කඩා බිඳ දැමීම, මහා සංඝරත්නය හා රණවිරුවන් හිරේ විලංගුවේ දැමීම, අපහාස උපහාස කිරීම, වන සම්පත විනාශ කිරීම, ජාතික සම්පත් විදේශයන්ට විකිණීම, රටේ ඉතිහාසය වසන්කිරීම වැනි අන්තවාදීන්ගේ ක‍්‍රියා කළාපයන් හමුවේ බහුතර ජන කොටස බලවත් සේ කම්පනයට පත් වූහ.

එය විසින්ම රටට, දැයට හිතකර පාලකයෙකු පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම ම මෙරට දේශපේ‍්‍රමීන් ලද අති මහත් ජයග‍්‍රහණයකි.

ඉතිහාසයේ ආරම්භක අවධියේ සිටි පෙර රජ දරුවන් අතර පැවති සම්ප‍්‍රදාය වූයේ මෙරට රාජ්‍යත්වයේ උරුමයට බෝසත්වරයෙකුට හැර අන් අයෙකුට හිමි කම් නොමැත්තේය යන්නයි. මෙසේ සටහන් තැබීමෙන් පෙනී යන්නේ මෙරට සිංහල බෞද්ධ රටක් බව ඓතිහාසික පිළිගැනීම බවයි.

වර්තමානයේ මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් මේ බව තහවුරු කරන ලද්දේ අනුරපුර රුවන් වැලි සෑය අභියස දුටු ගැමුණු නරපතිඳුන් ඉදිරියේ බුදු දහම සුරක්ෂා කරන බවට සිදු කළ සපථ කිරීමෙනි.

පසුගිය වකවානුවේ යහපාලනයේ වස මුසු වීමෙන් පණ අදිමින් පැවති සිංහල බෞද්ධ ජන සමාජයට යලි ඔක්සිජන් ලැබීමෙන් නිරුද්ධ වීමට ආසන්නව පැවති ජාතියක් ගලවා ගැනීමේ සැනසුම් සුසුම් හෙළීමට හැකි වී ඇත්තේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම රටට සෙතක් සලසනු ඇතැයි බොහෝ අයගේ අපේක්ෂාවයි. ඔවුනට අහිමි වී ගිය උරුමයන් යළි ලබා ගැණිමේ බලාපොරොත්තු අති විශාලය. එමෙන්ම පැමිණිය හැකි අනාගත උවදුරු වළකාගත හැකි වෙතැයි ද ජනතාව සිතූහ.

ගෝඨාභය ජනපතිතුමන්ගේ චින්තනය නිවැරදිය. ගමන් මගේ ඉලක්කය පැහැදිලිය ගැටළු සඳහා විසඳුම් ලබා දීමට සැදී පැහැදී ඇත්තේය. එහෙත් මෙහි ගමන් මග සිතන තරම් සරල නැත.

හේතුව ජරා ජීර්ණ දේශපාලනය යළි හොල්මන් කරමින් පැවතමයි. මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.

බල ලෝභීන් විසින් අන්තවාදි සුළුතරය නොමනා ලෙස පෝෂණය කොට අල්ලස් ලබා තරවීමෙන් බහුතරයට වන විපත වටහා ගත නොහැක්කේ මෙම උමතු බල කාමය නිසාවෙනි.

යළි කිසිදා උදා නොවන යුගයක් උදෙසා සටන් කොට අවසන් අපේක්ෂාව ජය ගැනීමේ යුගය උදා වී තිබුණද එය කලි යුගයක ආරම්භය දැයි සැක සිතෙයි. බලයට පත්ව මාස 2 ගත වූවා පමණි. ජාතිය ඇමතූ අතිගරු ජනපතිතුමන්ගේ සෑම කථාවකින්ම අභිමාවත් දේශයක් නිර්මාණය කිරීමට ඇරයුම් ලැබී ඇත්තේය.

එහෙත් කකුලෙන් අදින බලවතුන් ඉදිරියේ පයින්ගසා නැගී සිටීමට නම් අදීන බලයක් ලබා දිය යුත්තේමය. එම අදීනත්වය කරා ගමන්කිරීමට ස්වකීයයන් විසින්ම ගමනට හරස් කපන බව ජනතාවට පෙනී යෑම තුල ඉදිරි මහ මැතිවරණයේ දී ජනතා ප‍්‍රතිචාර දුබල විය හැකි බව තේරුම් ගැනීමට තරම් මොළයක් ඇතැමුන්ට නැති බව පෙනී යයි.

කඩු කිණිසි සොයා නිරායුධ කරනවා වෙනුවට නින්ද ගම් ලැබේ නම් සිංහලයාගේ බෞද්ධයාගේ අනාගත ඉරණම කෙසේ විය හැකිද ?

විනාශ කරමින් පැවති බෞද්ධ සිද්ධස්ථාන එලෙසමය. දහනම වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බල රහිත කළ ජනපතිට යළි ශක්තිය නෙලෙැබෙන්නේ නම් අප සියල්ලන්ගේම අපේක්ෂා භංග වනු නියතය. රටක් ජාතියක් සාසනයක් ගැන කවර කථාද?

– ada


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට තමන්ගේ අයම හරස් කපනවා.. වෙනම රටක් ඉල්ලන අයට නගර සභා දී අත්හිටුවනවා.. මේ කලියුගය ඇරඹුමද - ගැටඹේ හිමිගෙන් සැර නිවේදනයක්
ජනපතිට තමන්ගේ අයම හරස් කපනවා.. වෙනම රටක් ඉල්ලන අයට නගර සභා දී අත්හිටුවනවා.. මේ කලියුගය ඇරඹුමද - ගැටඹේ හිමිගෙන් සැර නිවේදනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSFr2XUNqQnGawLHjwRWtGtgQEBZHoSuQ-9o0EQ3wbWoYOCDzmz3n5Dd-8zEQKGwjSYuOnehyzQvcpnLXAHrDF6nDTmU0Dl-JrvCs88bwIKhieeCkSVYEvKHhG8gLzMaeatMuw_6NQHy9W/s320/getabe-himi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSFr2XUNqQnGawLHjwRWtGtgQEBZHoSuQ-9o0EQ3wbWoYOCDzmz3n5Dd-8zEQKGwjSYuOnehyzQvcpnLXAHrDF6nDTmU0Dl-JrvCs88bwIKhieeCkSVYEvKHhG8gLzMaeatMuw_6NQHy9W/s72-c/getabe-himi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_499.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_499.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy