දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා අවේ සිරිසේන-රනිල් යුගයේ නම් කරන දේ කියයි
Homeප්‍රවෘත්ති

කොරෝනා අවේ සිරිසේන-රනිල් යුගයේ නම් කරන දේ කියයි

PropellerAds

මැ ණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන,...

'මහින්ද ඉල්ලන් කෑවා අපිත් කෑවා' - බුද්ධදාස කියයි
'ජනපති - අගමැති දීගය පරම්පරා ලව් එකක්' (VIDEO)
එන්රික්ගේ ප්‍රසංගයේ වන්දි නඩුව කල්යයි
මැණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන, පසුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලන කාලය තුළ සවි කිරීමටවත් කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ එම ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලෙන ජනතාවට දැක්වූ අඩු සැලකිල්ල යැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රත්නපුර මැණික් මධ්‍යස්ථාන පරිශ්‍රයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයට අයත් ‘ගෙවුඩ සේවා පියස’ විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමිනි. ගෙවුඩ සේවා පියස තුළ සවිකර ඇති ඉහත විදුලි උඳුන නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“2019 නොවැම්බර් 16 වනදායින් පසුව මේ රටට එඩිතර නායකත්වයක් ලැබී තිබෙනවා. අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් රටට විශිෂ්ට නායකත්වයක් ලබා දෙනවා. අග්‍රාමාත්‍යතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ආණ්ඩුව ලෙස අප ඉදිරියේ ඇති අභියෝගවලට මුහුණ දෙමින් සිටිනවා.

කොරෝනා වෛරසය පසුගිය අවුරුදු හතරහමාර තුළ පැතිර ගියා නම් හිටපු පාලකයන් මොනවා නොකරයි ද? ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ගෙදරින් එළියටවත් නොබැස සිටීවි. රට පුරා කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යාවි. නමුත් අපට අද නිවැරදි නායකත්වයක් යටතේ රටක් ලෙස කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට හැකිව තිබෙනවා. චීනයේ සිටි ලාංකික සිසුන් නොබියව ගෙන්වා ගත්තා පමණක් නොවෙයි, ඔවුන්ව සාර්ථකව නිරෝධනයට ලක් කළා. වෛරසය නිසා රෝගී වූ චීන කත සුවපත් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් නිසි වේලාවට පියවර නොගැනීම නිසා පසුගිය ආණ්ඩුව මේ රටේ අහිංසක ජීවිත 300ක් බිලි දුන් ආකාරය අමතක නැහැ.

මැණිකේ වටිනාකම ඉහළට!

වර්තමානයේ පවතින්නේ ඉදිරියේදී සිදුවිය හැකි අනතුර කල්තියා දකින, රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ යුතුයි, කියා තදින් විශ්වාස කරන, ඒ වගේම මේ රටේ දේශීය කර්මාන්ත නගාසිටුවීම තම ප්‍රතිපත්තිය බවට පත්කර ගත් ආණ්ඩුවක්. අපි බලාපොරොත්තු වෙනවා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මේ රටේ ඉතා දියුණු තත්වයකට ගෙන එන්න. ‘ඒ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධව කැපවී කටයුතු කරාවි’ කියන විශ්වාසය අපට තිබෙනවා.

‘සොබාදහමේ ඉහළම සැළකිලි’

ලෝකයේ හොඳම මැණික්, තේ, මිනිරන්, තිබෙන්නේ අපේ රටේ නම්, අන්නාසි ඇතුළු ලෝකයේ හොඳම පළතුරු තිබෙන්නේ අපේ රටේ නම්, ලෝකයේ අනර්ඝතම කුළුබඩු තිබෙන්නේ අපේ රටේ නම්, සොබාදහම අපට තරම් වෙන කාටවත් සලකලා නැහැ නේද? සොබාදහමට හානියක් නොකර ඒ සැළකිල්ලෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපට නොහැකි නම් අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් ඉටු කළ මිනිසුන් බවට පත්වන්නේ නැහැ. මැණික් ඇතුළු අපට සොබාදහමින් ලැබී ඇති දායාදවලින් ප්‍රයෝජනය ගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීම කළ යුතුව තිබෙනවා. මැණික් කර්මාන්තය පමණක් නොවෙයි මේ රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම පසුගිය වසර හතරහමාර තුළ බරපතල ලෙස බිඳ වැටී තිබෙනවා.

ඉහත තත්වයෙන් කර්මාන්ත ක්ෂේත්‍රය ගලවා ගැනීමේ වගකීම අපට තිබෙනවා. වාලච්චේන කඩදාසි සමාගම, ලංකා පිඟන් සංස්ථාවට අයත් උළු කර්මාන්ත ශාලා යළි පණ ගැන්වෙන්නේ ඒ අඳුරු යුගයට තිත තබමින්. කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් තුළින් රටට ජීවයක් ලබා දීම අපේ වගකීමයි. ඉදිරියේදී මැණික් කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා රත්නපුර නගර මධ්‍යයේ දැවැන්ත මැණික් මධ්‍යස්ථාන පරිශ්‍රයකට අපි යා යුතුව තිබෙනවා. මැණික් පිළිබඳව අපට තිබෙන ස්ථානය තවත් ඉහළට ඔසවා තැබීමට එය ඉවහල් වේවි. 2019 නොවැම්බර් ජනවරමෙන් අපට බලකර කියා සිටින පණිවිඩය තමයි, ‘මේ රටේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම සඳහා වෙහෙස වී වැඩ කරන්න’ කියන එක. එය තේරුම්ගත් පිරිසක් ලෙස අප ඉදිරියට කටයුතු කළහොත් අපට රටක් ලෙස බොහෝ ජයග්‍රහණ ලබා ගත හැකි වේවි.”

මෙම අවස්ථාවට මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ සභාපති තිලක් වීරසිංහ, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අමිත් ගමගේ, එම ආයතන දෙකෙහි අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

මෙහි දී මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයෙන් පුහුණුව ලැබූ සිසු සිසුවියන්ට NVQ සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා අවේ සිරිසේන-රනිල් යුගයේ නම් කරන දේ කියයි
කොරෝනා අවේ සිරිසේන-රනිල් යුගයේ නම් කරන දේ කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjufFqwOqMXoTyYc5t6XI6gOgwxVONMqtyNm9UND6dkpr5Fb74WIcHZPnGqFQfNWSSTkxa-3saLlBZhnRO40C8Z-L5wW4-V-OzJ2l4oBw3OB-86qDO8HYfuvoiDKNn305TmdCxe87QYVnNZ/s320/wimal-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjufFqwOqMXoTyYc5t6XI6gOgwxVONMqtyNm9UND6dkpr5Fb74WIcHZPnGqFQfNWSSTkxa-3saLlBZhnRO40C8Z-L5wW4-V-OzJ2l4oBw3OB-86qDO8HYfuvoiDKNn305TmdCxe87QYVnNZ/s72-c/wimal-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_286.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_286.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy