පසුගිය 2015 වසරේ දෙසැම්බර් 20වැනිදා කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ පැවති ලෝ ප‍්‍රකට පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස්ගේ ප‍්‍රසංගයේ ටිකට...
පසුගිය 2015 වසරේ දෙසැම්බර් 20වැනිදා කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේ පැවති ලෝ ප‍්‍රකට පොප් ගායක එන්රිකේ ඉග්ලීෂීයස්ගේ ප‍්‍රසංගයේ ටිකට් පත් අලෙවියේ ගිණුම් වාර්තා සහ 'sex & love' ප‍්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් ආයතනයේ වත්කම් අන්සතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලමින් ගොනු කළ පැමිණිල්ල සලකා බැලීම ලබන අගෝස්තු 12 වැනිදාට කල් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (29) තීන්දු කළේය.
ප‍්‍රසංගය නැරඹීමට ප්‍රභූ (VIP) ටිකට්පත‍්‍ර ලබාගෙන ගිය තමන්ට ගිවිසගත් වරප‍්‍රසාද ලබා නොදීමෙන් සිදුවූ මානසික අසහනකාරී තත්ත්වය සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වන්දියක් ඉල්ලා ගොනු කළ පැමිණිල්ල කොළඹ අතිරේක දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ අද කැඳවිණි.
වගඋත්තරකාර සමාගම අධිකරණය හමුවේ සිය වත්කම් හෙළිකිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට අධිකරණයෙන් කල් ඉල්ලා සිටින අතර මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර යන මහතුවරු මෙම සමාගමේ අධ්‍යක්ෂකවරු වෙති.
ප‍්‍රසංගය නැරඹීමට තමා සහ බිරිඳ රුපියල් 35000ක් ගෙවා වී.අයි.පී ටිකට් පත‍්‍ර ලබා ගත්ත ද එහිදී සිදුවූ යම් යම් අශෝබන සිදුවීම් නිසා තමන් මානසික හා ශාරීරික අසහනයට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
COMMENTS