ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන දෙදෙනාගේ දීගය පරම්පරා ලව් එකකින් සිදුවූවක් බවත් එය ලෙහෙසියෙන් කඩා බිඳ දැ...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යන දෙදෙනාගේ දීගය පරම්පරා ලව් එකකින් සිදුවූවක් බවත් එය ලෙහෙසියෙන් කඩා බිඳ දැමිය නොහැකි බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඇමති පි .හැරිසන් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) දඹුල්ලට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "එකිනෙකා මරාගෙන කොටාගෙන තිබුණු පක්ෂ දෙකක් අද එකතු වෙලා යහපාලනේ හොඳට යනවා. මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙයි තියෙන ලව් එක පරම්පරා ගණනක ලව් එකක් මට නම් පෙන්නේ. එහෙම ලව් කරලා බැඳපු මේ කසාදේ එහෙම ලේසියෙන් කඩලා බිඳලා දාන්න බෑ" යි කියාසිටියේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කරන ජන සටන පාද යාත්‍රාවේ හිටපු ජනාධිපතිවරයා හා පවිත්‍රා දේවී මහත්මිය වාහනයෙන් යන බවත් වසර ගණනාවක් උඩින් ගිය අය අද බිමින්යන එක ගැන තමන් සතුටු බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
වීඩියෝව පහතින්.
COMMENTS