පාද යාත්‍රා ගිහින් මෙම ආණ්ඩුව පෙරළීමට නොහැකි බව මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නා බව හිටපු කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි. ඔහු මේ...
පාද යාත්‍රා ගිහින් මෙම ආණ්ඩුව පෙරළීමට නොහැකි බව මහින්ද රාජපක්ෂ මහත්තයා දන්නා බව හිටපු කඩුවෙල නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ කොළඹදී අද (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙසේ පාද යාත්‍රා යන්නේ FCIDට, අධිකරණයට බියවීම හේතුවෙන් බවත් ඉදිරියේදී විමල් ජෝඩුවට හිරේයාමට සිදුවනු ඇති බවත් හෙතෙම පැවසීය.
"තවත් අවුරුදු දෙකක් තියෙද්දී ඡන්දයක් තියලා මහින්ද මහත්තයා ඉල්ලන් කෑවා. අපිත් කෑවා. රටත් කෑවා" යැයි ඔහු සඳහන් කළේය.
මහින්ද මහත්තයා පාද යාත්‍රා ගිහින් පුරුදු කෙනෙක් වුවද තමන් ඊට නොරැවටෙන බවද දැන් සාධාරණ ජනපති කෙනෙක් ඉන්නා බවද ඔහු කියා සිටියේය.
COMMENTS