ජා තික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගෙන පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දෙන බවට විපක්ෂ නා...
ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගෙන පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ගණනාවක් විරෝධය පළ කරයි.
එජාපයේ ඉහළ තනතුරුවලට කිසිවකු පත්කරනු එක් පුද්ගලයෙකුගේ හිතුමතේට නොව විධිමත් යෝජනාවක් කෘත්‍යධිකාරි මණ්ඩලයෙන් සම්මත කිරීමෙන් පසුව බව එජාප මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරයි.
දැනට කෘත්‍යාධිකාරී මණ්ඩලය අහෝසි වී ඇති නිසා එවැන්නක් කිරීමට නව කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කර එහි අනුමැතිය ලබාගත යුතු බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද කියා සිටියේ එජාපයේ තනතුරුවලට කිසිවකු පත් කරන්නට පෙර ඔහු පක්ෂයේ සාමාජිකයෙකු විය යුතු බවත් එවන් පත් කිරීමත් සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනාවක් සම්මත කරගැනීම අනිවාර්ය බවත් ය.
පසුගිය ජනාධිපතිවරණයේදී චම්පික රණවක මහතා නියෝජනය කළ ආසනය ඡන්ද හැටදාහකින් පරාජයට පත්වීම සම්බන්ධයෙන් ද එජාප ජේෂ්ඨයන් ප්‍රශ්න කර ඇත.

COMMENTS