ජනාධිපතිවරයාගේ විධායක බලතලවලට අයත් සෙසු බලතල ද අහෝසි කිරීමට රජය සුදානම් බව වාර්තාවේ. මේවන විට ඒ සදහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කරමින් සි...
ජනාධිපතිවරයාගේ විධායක බලතලවලට අයත් සෙසු බලතල ද අහෝසි කිරීමට රජය සුදානම් බව වාර්තාවේ.
මේවන විට ඒ සදහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කරමින් සිටින අතර ඒ සමගම පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමයත් අහෝසි කිරීමටද කටයුතු සැලසුම් කර ඇත.
ජනාධිපතිවරයාට බලතල කිහිපයක් පමණක් තබාගෙන ඉතිරි සියලු බලතල කැබිනට් මණ්ඩලයට ලබාදීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කෙරිණි.
ඒ අනුව එම ඉතිරි බලතලද ඇතුළු සෙසු විධායක බලතල ද අහෝසි කිරීමට රජය නීති කෙටුම්පත් කරමින් පවතී.
1978 හඳුන්වා දුන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව ජනරජයේ ප්‍රධානියා, ආණ්‌ඩුවේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා හා සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රධානියා ලෙස විධායක ජනාධිපතිවරයෙක් ජනරජයේ වන්නේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයා සතු බලතල දෙයාකාර වන්නේ ය.
එනම් ජනාධිපතිවරයාට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් පවරා හෝ නියම කර ඇති බලතල ඇත්තේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමට පෙර හෝ පසු පනවන ලද යම් ලිත නීති යටතේ පවරා හෝ නියම කර ඇති බලතල ඇත්තේය.
COMMENTS