දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප තෝරාගැනීම වැරදියි - එස්.බී - (video)
Homeප්‍රවෘත්ති

එජාප තෝරාගැනීම වැරදියි - එස්.බී - (video)

PropellerAds

එක්සත් ජාතික පක්ෂය සිය විපක්ෂ නායකවරයා වශයෙන් පත්කර ගෙන ඇත්තේ පක්ෂයේ සිටින දුර්වලතම පුද්ගලයෙකු යැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්...

"පුළුවන්නම් ඡන්දයක් තියන්න... තුනෙන් දෙක පෙන්නන්නම්" - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
රට අක්‍රිය කිරීමේ කුමන්ත්‍රණයක් - ස්වයං කඩ වැහිල්ලේ රහස ඇමති ජොනි හෙළි කරයි
මහ රෑ කැළේ මැද දී හැදුණු හිස රුදාවට පුරාවිද්‍යා නිලධාරීන් බහිරව පූජා තියලා… සේවකයා මරුට!
එක්සත් ජාතික පක්ෂය සිය විපක්ෂ නායකවරයා වශයෙන් පත්කර ගෙන ඇත්තේ පක්ෂයේ සිටින දුර්වලතම පුද්ගලයෙකු යැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දහම් පාසල් ත්‍යාග ප්‍රධාන උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්නි.

ප්‍රබල විපක්ෂ නායකයෙකු පත්කර ගන්නවා නම්  ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට ඇති එකම සුදුස්සා වන්නේ විපක්ෂ නායකධුරයක් දරා ලෝකයේ වැඩිම අත්දැකීම් ඇති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීම යැයි  දිසානායක මහතා කියාසිටියේය.

මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරළය උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සිසු නිපුණතා ඇගයීම් සහතික පත්‍ර ප්‍රදානෝත්සවය අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළහ.

"නොයෙකුත් කොන්දේසි යොදා අවසානයේදී ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. රටවල්වල ආත්ම ගරුත්වය සහ රටවල් අතර පවතින මිත්‍රත්වය නොකෙලෙසන පරිදි මෙහි පරීක්ෂණ කටයුතු සිදු විය යුතුයි.

සුදු වෑන් යොදා පැහැර ගැනීමක් පිළිබඳව පසුගිය සමයේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාව එවකට අප එතරම් බරපතළ විදිහට සැලකීමට ලක් කළේ නැහැ. එහි ඉතාමත්ම බරපතල චෝදනාවක්  රජයට සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වන අයුරින් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණා.

මේ සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වීම තුළින් සැඟවුණු බොහෝ කාරණා හෙළි කරගත හැකියි. රාජිත සේනාරත්න මහතා විසින් සංවිධාන කළ එම මාධ්‍ය හමුවට  ඉදිරිපත් කරන ලද පුද්ගලයන් දෙදෙනා බොරු රැවුල් දමා මුහුණු ආවරණය කර ගනිමින් ඉදිරිපත් වීම විශාල වංචාවක් බව පැහැදිලි වන බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළහ.

උඩරට අමරපුර මහ නිකායේ අනුනායක පූජ්‍ය නියංගොඩ සමිද්ධි මංගල හිමි, ගඟවට කෝරළය උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය වරකාපිටියේ සරණ හිමි ඇතුලු මහ සංඝරත්නය ද මහනුවර ප්‍රාදේශය ලේකම්, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය හා දරු දැරියන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප තෝරාගැනීම වැරදියි - එස්.බී - (video)
එජාප තෝරාගැනීම වැරදියි - එස්.බී - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNyYzBPnZmsHSuI_JcOIYm6mv2cEC6oJhxi_s5lDhfqYwSO_k2ssvxIDUd-nz9KkldHPN7qYM1YQVlOyAxTe021vyycYLN6dZmqftsZZlqUUZZjRiyihsih052Z2YWuaSip719ghC0bJml/s320/sb-2020.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNyYzBPnZmsHSuI_JcOIYm6mv2cEC6oJhxi_s5lDhfqYwSO_k2ssvxIDUd-nz9KkldHPN7qYM1YQVlOyAxTe021vyycYLN6dZmqftsZZlqUUZZjRiyihsih052Z2YWuaSip719ghC0bJml/s72-c/sb-2020.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/video_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/video_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy