ජ නාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් උපවාසයක නිරත වන ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපය තමන්වහන්සේ අනුමත න...
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් උපවාසයක නිරත වන ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපය තමන්වහන්සේ අනුමත නොකරන බවත්, තම නිකායේ දැඩි විරෝධය පළකරන බවත්, ෂෙයි ජින් නිකායේ මහනායක ඉඟුරුවත්තේ පියනන්ද හිමියෝ පැවැසූහ.
මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා බවත්, මෙම හිමි නම භික්ෂුවකට නොගැළපෙන අයුරින් ක්‍රියාකරන බවත්, ෂෙයිජිං නිකායේ අනුදැනුමක් හෝ අවසරයක් නොමැතිව අත්තනෝමතික ක්‍රියාවක නිරත වන බවත් පියනන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට ඉඟුරුවත්තේ පියනන්ද හිමි, සබරගමුව පළාත් ගෝනවල අස්සජි හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා ඊයේ(11) කොළඹ නිදහස් චතුරශ්‍රයට වැඩම කළහ.
ඒවනවිට එහි විශාල පිරිසක් රැඳී සිටි බවත්, ආරක්ෂක නිලධාරීන් එම ස්ථානයට යාමට ඉඩදිය නොහැකි යැයි පැවසූ බවත්, තමන් වහන්සේ එම නිකායේ මහනායක ස්ථවිරයන් බව පවසා එම ස්ථානයට යායුතු බව අවධාරණය කිරීමෙන් පසු ඊට අවසර ලබාදුන් බවත් මහනායක හිමියෝ පැවසූහ.

COMMENTS