දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ස්වභාධර්මයෙන්ම මාව ගෙදර යැව්වා… ඒත් මගේ පුංචි මල්ලි තවම ඉන්නවා - නවින් දිසානායක
Homeප්‍රවෘත්ති

ස්වභාධර්මයෙන්ම මාව ගෙදර යැව්වා… ඒත් මගේ පුංචි මල්ලි තවම ඉන්නවා - නවින් දිසානායක

PropellerAds

එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 20 ක් රනිල්ට හෝ සජිත්ට ජන්දය භාවිතා නොකල බව නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ හිටපු අමාත්‍ය ...

'සමාජ මාධ්‍ය නියාමනය කරන්න බෑ' - ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති
බන්දුල - රවී ජනපති ඉදිරියේ මත ගැටුමක (VIDEO)
'රාජ්‍ය නිලධාරීන්ට වැඩ කිරීමට නිදහසක් නෑ' - ගෝඨා කියයි
එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 20 ක් රනිල්ට හෝ සජිත්ට ජන්දය භාවිතා නොකල බව නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ හිටපු අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා ඒ බැව් පැවසුවේ දිවන්ගත ගාමිණි දිසානායක මහතාගේ 20 දිනට යෙදි තිබු 80 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් කොත්මලේ ජලාශයේ ඉදිරිපිටි පිහිටි ගාමිණි දිසානායක පිලිරුවට පුෂ්ප උපහාර දැක්විමෙන් අනතුරුව පැවති උත්සවයේදිය.
ගාමිණි දිසානායක පදනම මගින් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබු අතර , එම උත්සවයට මහනුවර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පා.ම මයන්ත දිසානායක , ගරුතර මහ සංඝරත්නය , නුවරඑලිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ලංකා දිසානායක මහත්මියද සහභාගි වි සිටිහ.

මෙම උත්සවයේදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ,

‘මම ස්භාව ධර්මය විශ්වාස කරනවා , ඒ නිසා ස්භාව ධර්මයෙන්ම මාව ගෙදර යැව්වා , නමුත් මගේ පුංචි මල්ලි තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා.

මෙම කාලය අපිට හොද කාලයක් අපේ අඩුපාඩුකම් විශ්ලේෂණය කරන්න, සැලසුම් හදන්න.

ගාමිණි දිසානායක මහතාට සැලසුම් තිබුණා මේ රට හදන්න, ඒ නිසා එතුමාට දෙවන ජනවරම ලබා ගන්න අපහසු වෙන්නේ නැ , දැන් සිටින ජනාධිපතිට වගේ.

මගේ ජිවිතේට මේ වගේ යුගයක් දැකලම නැ , මැතිනියගේ කාලයේ චිත්ත රෙද්ද ගන්න පොලිම් තිබුණා. ඒකට දැන් ඩිසල් , ගැස් , පෙට්‍රල් ගන්න පැය ගණන් පොලිම් වල ඉන්න සිදුවෙලා,මාරම දුකක් ජනතාව විදින්නේ.

එක්සත් ජාතික පක්ෂය කියන විශාල පිගාන දැන් කඩලා තියෙන්නේ , දැන් මේක එකතු කරන්නේ කොහොමද? මේක එකතු කරන එක සැහෙන්න අමාරු වැඩක්.

සමගි ජන බලවේගය තරග කරලා එක්සත් ජාතික පාක්ෂික ජන්ද 90% ගන්නවා, ඉතිරි 10% එක්සත් ජාතික පක්ෂය ලබා ගන්නවා , ඔය 10% න් බැරිද රාජපක්ෂලාගේ ජය පැරදුම තිරණය කරන්න?

ඒ නිසා අපි හදිස්සි වෙන්න හොද නැ , පොඩ්ඩක් ඉවසලා ස්භාව දහමට ඉඩ දෙමු. අපේ සහෝදරකම් තියාගමු.

අද වන විට අපිට විරුද්ධව කටයුතු කල ජනතාව නැවත අලුතින් හිතනවා, මොකද ඒ අයට මාතෘභුමිය අවශ්‍යයි. මාතෘභුමිය කියන්නේ දේශපාලනය නෙවෙයි, දරුවන්ට රටක් ඉතිරි වෙන්න ඕනි.

තරුණ පරම්පරාව දහස් ගණන් රට අතහැරලා යනවා , පාස්පොට් ගන්න දවසට දහසක් දෙදහසක් එනවා. මම කණගාටු වෙනවා අපි එක්සත් ජාතික පක්ෂය විදිහට අපගේ කාර්ය භාරය ඉටු කරලා නැ.

අපිට විශාල කාර්ය භාරයක් තියෙනවා විපක්ෂයක් හැටියට ජනතාවගේ හඩ නංවන්න.

මම හිතන්නේ නැ අපි ඒක කරනවා කියලා. අපි අතරමං වෙලා , අපි හිතනවා අපි කොහේටද යන්නේ කියලා ? අපේ නායකයා කවුද කියලා? සියළු දේටම නායකත්වයක් අවශ්‍යයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට ඇවිල්ලා උද්ඝෝෂණ කරා කියලා ආණ්ඩු වෙනස් වෙන්නේ නැ.

මගේ පියා මට හැමවෙලාවෙම කිව්වේ අරගලයක් කරලා තමයි ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ජනතාව සමග එකතු වෙලා අරගල කරන්න අවශ්‍යයි.

මටත් පොඩි විරාමයක් ජනතාව දුන්නා ඒකට කිසිදු සිත් තැවුලක් නැ , දැන් ආපසු ගේම් එකට බහිමු. ජනතාව මට ජන්දය ලබාදුන්නේ නැ කියලා මගේ අමනාපයක් නැ , ඒක ජනතා අයිතිය. නමුත් එකක් මතක තියා ගන්න එක්සත් ජාතික පාක්ෂිකයන් ලක්ෂ 20 ක් ජන්දපොලට ගියේ නැ කියලා.

රනිල්ට ජන්දය දුන්නෙත් නැ ,සජිත්ට ජන්දය දුන්නෙත් නැ ගෙදරට වෙලා හිටියා.

ඒ නිසා අපි පළමුව කරන්න ඕනි ඒ ජන්ද ලක්ෂ 20 ආපසු ලබා ගන්න එම ජන්ද ලක්ෂ 20 ආපසු ජන්දය ලබාදෙන්නේ නැතුව ගෙදර හිටියොත් වෙන්නේ ආපසු රාජපක්ෂලා ජයගන්න එක.

ඒ නිසා අපි ජනතාව වෙනුවෙන් අරගල කරනවා ඒ ගැන කිසිදු සැකයක් නැ’ යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්වභාධර්මයෙන්ම මාව ගෙදර යැව්වා… ඒත් මගේ පුංචි මල්ලි තවම ඉන්නවා - නවින් දිසානායක
ස්වභාධර්මයෙන්ම මාව ගෙදර යැව්වා… ඒත් මගේ පුංචි මල්ලි තවම ඉන්නවා - නවින් දිසානායක
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhxAA2dW8vTtRGwBzngsC-wzNe96pTxKzPSa0HBjsF6AiKpCqXwws1c1D6znngOwyVEL6NnNKqJC7JV8X3w4kULD9Lmh-OD6fFV_8kzzDdWrqQk6K5gKyMvmWOFQEVZM4HaZloQ_1qaFeDUa4i9zHpWd6TTLR1wYg3YQbfF6cpzjBN8TzuteZ3i9rkhMA=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhxAA2dW8vTtRGwBzngsC-wzNe96pTxKzPSa0HBjsF6AiKpCqXwws1c1D6znngOwyVEL6NnNKqJC7JV8X3w4kULD9Lmh-OD6fFV_8kzzDdWrqQk6K5gKyMvmWOFQEVZM4HaZloQ_1qaFeDUa4i9zHpWd6TTLR1wYg3YQbfF6cpzjBN8TzuteZ3i9rkhMA=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy