දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..
Homeප්‍රවෘත්ති

ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..

PropellerAds

සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කරලා. විවාදයන් තිබෙන්නේ සමානයන් අතරයි. ඒ නිසා මේ ද...

ටියුෂන් පන්තිවලදී දරුවන්ට යහපත් සිතුවිලි ඇති කර අධ්‍යාත්මය පුබුදුවන්න කාලයක් වෙන් කරන්නැයි ඉල්ලයි
කොරෝනා වසංගතය වැනි තවත් මාරාන්තික රෝගයක් මෙරට පැතිරීමේ අවදානමක් - සෞඛ්‍ය ඇමතිනිය අනතුරු අඟවයි
සහරාන්ගේ ආයුධ සාම්පූර් ගොවිපළෙන් මතුවෙයි
සජිත් ප්‍රේමදාස මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කරලා. විවාදයන් තිබෙන්නේ සමානයන් අතරයි. ඒ නිසා මේ දෙන්නා වෙන වෙනම ගෙන අපි සංසන්දනය කරමු.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුළු ලෝකයම පරාජය කරන්න බෑ කිව්ව ලොව ප්‍රබලම ත්‍රස්තවාදය ඉතාම සූක්ෂම සැලැස්මකින් පරාජය කරලා ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සම්මානිය ආචාර්ය උපාධියක් දිනා ගත් අයෙක්. ඒ වගේම පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් දිනා ගත් අයෙක්. සිංගප්පූරුවේ සහ චීනයේ විශ්ව විද්‍යාලවල ආරාධනයෙන් නාගරික සංවර්ධනය සහ ආරක්ෂක සැලසුම් පිළිබඳ පර්යේෂකයෙක් ලෙස කටයුතු කළ අයෙක්. ඒ වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ඉංජිනේරුවන් වැනි විද්වතුන් එක් වී ලංකා ඉතිහාසයේ බිහි වුණු දැවැන්තම විද්වතුන්ගේ සංවිධානය වියත් මගයි. ඒ වියතුන් තමන්ගේ නායකයා ලෙස තෝරා ගත්තේ ගෝඨාභය මැතිතුමායි. ඒ අනුව ගෝඨාභය මැතිතුමා කියන්නේ ලංකාවේ වියතුන් මැද මහ වියතාණන් කෙනෙක්.

සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ කවුද? ජනපතිවරණ ඉතිහාසයේ බිහි වුණු කවටම අපේක්ෂකයා. බොලඳ කතා හිස් වදන් මිස වැදගත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට මෙතෙක් අසමත් වුණු එකම අපේක්ෂකයා. එතුමාට පුළුවන් රෑට රෑට හොරෙන් ගෙදරට එබිලා සතුටින් ද බලන්නම් වැනි හිස් පොරොන්දු දෙන්න විතරයි.

සජිත් ප්‍රේමදාස මැතිතුමා සියළු දෙනා පරදලා දැන් පෙරමුණේ කියලා මෑතක දී ජෝන් අමරතුංග ඇමතිතුමා කිව්වා. මමත් කලබල වෙලා බැලුවා මේ කතාව මොකද්ද කියලා. බැලින්නම් කතාව ඇත්ත. එඩී ජයමාන්න, දොං සිරිසේන, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු, ප්‍රෙඩී සිල්වා සිට බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ දක්වා ලංකා ඉතිහාසයේ සිටි සියළුම කවටයින් පරදා සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙරමුණට ඇවිත් තිබෙන බවයි ජෝන් ඇමතිතුමා කියා ඇත්තේ.

මෙවැනි විහිළුකාරයෙකු සමග විවාදයට ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි සුවිෂේශී බුද්ධිමතෙක් වියතෙක් යැවීමේ හැකියාව තියෙනවද?. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය වසර හතර පුරාවටම වියත්මග සහ එළිය සංවිධාන හරහා මේ රටේ බුද්ධිමතුන් සමග සංවාදයේ යෙදුනු චරිතයක්. එවැනි කෙනෙක්ව සජිත් ප්‍රේමදාස මහතා වැනි අධ්‍යාපණයක් නැති ප්‍රතිපත්තියක් නැති හිස්වදන් පවසන අයෙක් සමග විවාදයට යවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිරූපය විනාශ කරන්න අපි ඉඩ තබන්නේ නෑ.

මේ පිළිබඳ පංචතන්ත්‍රයේ අපූරු කතාවක් තිබෙනවා. දිනක් අසූචි වලක බැහැපු ඌරෙක් සිංහයාට තමන් සමග සටනට එන මෙන් අභියෝග කළාලු. එක පැත්තකින් ඌරා සමග සිංහයාට මොන සටනක් ද? අනිත් පැත්තෙන් අසූචි වලට බැහැලා අසූචි තවරා ගන්න සිංහයාට උවමනාවකුත් නෑ. ඒ නිසා “ඌරෝ මට සටන් ඕනෑ නෑ. උඹම දිනුම තියා ගනින්” කියලා සිංහයා යන්න ගියාලු. අපට සජිත් මැතිතුමාට කියන්න තිබෙන්නෙත් ඒ කතාව තමයි.

පිවිතරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

– අරවින්ද අතුකෝරල
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..
ප්‍රෙඩී, බන්දු, ටෙනිසන්, බර්ටි, ඇනස්ලි, සැමුවෙල් රොද්‍රිගු, එඩී ජයමාන්න, දොං සිරිසේන සියළු කවටයන් සජිත් අතින් පරාදයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUu8Jm8cUZI0XGIiTm0lMhOa2nkv2JVJlyuPfDBa8OXnZkMjwpbKnMGmSAz0P8GjgowniE_FsaUqXXvBVUafygeEk1DMPAnqRR2hmI6xNNOWvM8aR4sP7GN8RpQ1rWkIjpXmNpgaFbDimg/s320/sajith-gamman.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUu8Jm8cUZI0XGIiTm0lMhOa2nkv2JVJlyuPfDBa8OXnZkMjwpbKnMGmSAz0P8GjgowniE_FsaUqXXvBVUafygeEk1DMPAnqRR2hmI6xNNOWvM8aR4sP7GN8RpQ1rWkIjpXmNpgaFbDimg/s72-c/sajith-gamman.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_938.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_938.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy