දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සහරාන්ගේ ආයුධ සාම්පූර් ගොවිපළෙන් මතුවෙයි
Homeප්‍රවෘත්ති

සහරාන්ගේ ආයුධ සාම්පූර් ගොවිපළෙන් මතුවෙයි

PropellerAds

ස හරාන් හසීම් නමැති ත්‍රස්තවාදියා විසින් දේශන පැවැත්වූ පුත්තලමේ විශේෂිත ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගත් බවත් ඒ අ...

නව ව්‍යවස්ථාව කඩිනමින් පාර්ලිමේන්තුවට
පොළොන්නරුවේ ඉපැරණි ගිනි පෙට්ටි පාලම යළි ඉදිකරයි
ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් නව තානාපතිනියක්
හරාන් හසීම් නමැති ත්‍රස්තවාදියා විසින් දේශන පැවැත්වූ පුත්තලමේ විශේෂිත ස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගත් බවත් ඒ අනුව තවත් සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න පවසයි.
පාස්කු බෝම්බකරුවන් නිලතල දරන ලද ස්වේච්ඡා සංවිධානයක් මෙහිදී අනාවරණය කරගෙන ඇති අතර එම සංවිධානය විසින් පුද්ගලයන්ගේ මනෝභාවයන් වෙනස් කිරීම අරමුණු කර පලස්තීන සහ ඊශ්‍රායලයේ යුදමය අවස්ථා සහ ලංකාවේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝ දර්ශන පෙන්වමින් දේශන පවත්වා ඇති බවද සැකකරුවන්ගේ පාපෝච්චාරණයෙන් හෙළි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තවද සාම්පූර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි පුහුණුවක් පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගත් සැකකරුවන්ගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනෙක් පරීක්ෂණ හරහා අනාවරණය වූ අතර දැනට අවි ආයුධ කිහිපයක් සොයාගෙන ඇති බවද සේනාරත්න මහතා පැවැසීය.

ඔහු පැවැසුවේ අන්තවාදී සංවිධානයේ අදාළ දේශනවලදී ‘ආගම - වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්ද’ යන්න පුද්ගලයන්ගෙන් විමසා ඇති බවය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ විමර්ශන නව මාවතක් ඔස්සේ දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (29දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

මේ අතර වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලට බඳවාගත් සිසුන්ගේ මවුපියන්ද දැනුවත් කර සිසුන්ට සහරාන් කණ්ඩායමේ අන්තවාදීන් විසින් දේශන පවත්වා ඇතැයිද මේ වන විට පරීක්ෂණ කණ්ඩායම්වලට හෙළි වී තිබේ.

මේ රට තුළ තම ජාතියට විශාල අසාධාරණයක් සිදුවෙමින් පවතින බවට ඔවුන්ට ඒත්තු ගන්වා ඊට එරෙහිව සටන් කිරීමට සූදානම් අය අත් ඔසවන ලෙස දන්වා ඔවුන්ගේ මනස තුළට සහරාන්ගේ අන්තවාදය කා වැද්දීමට කටයුතු කර තිබූ බවද වාර්තා වෙයි.

ඉන් පසුව එම දරුවන්ට මූලික අවි පුහුණුව ලෙස විවිධ වර්ගයේ තුවක්කු ගලවා සවිකරන ආකාරය හා උණ්ඩ ඇතුළු කර පරිහරණය කරන ආකාරය පිළිබඳව උගන්වා ඇතැයිද ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පුහුණු වකවානුවේ සහරාන් සහ තවත් දෙදෙනෙක් එහි ගොස් තිබෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි. මෙම කාරතිව් අරාබි පාසල 2008 වසරේ අරඹා 2018 අවසානය තෙක් පවත්වාගෙන ගොස් ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සහරාන්ගේ ආයුධ සාම්පූර් ගොවිපළෙන් මතුවෙයි
සහරාන්ගේ ආයුධ සාම්පූර් ගොවිපළෙන් මතුවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbzXk6UM3qUpma-HLU_hDem6bY9CkMVSWQvnTr8-Ur3v7epwq2_wonUvZSubYP1Y9DAbvfQy5-BbgVptVJklh9bVz7mcrGNiYJPp9FQpy8U7FxqGClrs0kvp17SYMVMLDebwcWT4U6C3M/s320/5eaa280bc2193_1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbzXk6UM3qUpma-HLU_hDem6bY9CkMVSWQvnTr8-Ur3v7epwq2_wonUvZSubYP1Y9DAbvfQy5-BbgVptVJklh9bVz7mcrGNiYJPp9FQpy8U7FxqGClrs0kvp17SYMVMLDebwcWT4U6C3M/s72-c/5eaa280bc2193_1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_483.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_483.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy