ශ්‍රී ලංකාවේ තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම හෙට සිදු කිරිමට නියමිතය. හෙට උදෑසන නවයට ආරම්භ ...
ශ්‍රී ලංකාවේ තෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසින් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම හෙට සිදු කිරිමට නියමිතය.
හෙට උදෑසන නවයට ආරම්භ වන රාජ්‍ය උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මින්පෙර පළාලි ගුවන්තොටුපළ ලෙසින් හැඳින්වුනු නවීකරණයෙන් පසුව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත වනු ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ඇතුළුව අමුත්තන් රැසක් එම අවස්ථාවට එක් වේ.
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට පැමිණෙන මුල්ම ගුවන් යානය පැමිණෙන්නේ ඉන්දියාවේ චෙන්නායි සිට වේ.
යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් මිලියන 2 ,250 කි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යෙදවේ.
කෙසේ වෙතත් මෙම ගුවන් තොටුපළේ නාම පුවරු වල ඡායාරූප සමාජජාලා මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබුණි. ඒ එම නාම පුවරු වල මෙරට ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාව දෙවැනි තැනට දමා දමිළ භාෂාවෙන් නාම පුවරු සඳහන් වීම නිසාය.

COMMENTS