දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලනය ගෑවුන කෙනෙක් ජනාධිපතිරවණයට එන්න එපා - කුමාරසිරි හෙට්ටිගේ
Homeප්‍රවෘත්ති

යහපාලනය ගෑවුන කෙනෙක් ජනාධිපතිරවණයට එන්න එපා - කුමාරසිරි හෙට්ටිගේ

PropellerAds

ය හ පාලන “ආණ්ඩුව නියෝජනය කරන කිසිවෙකුට ළඟ එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් ,එවැන්නෙක් ඉදිරිපත් වුවහොත් ජනතාව න...

ශ්‍රී ලංකා යුධ හමුදාවේ බිම් බෝම්බ අනාවරණ සුනඛ කණ්ඩායමට ඇමරිකානු ගෞරවය
කැටලෝනියාවේ සෙල්ලම් හමාරයි. පාර්ලිමේන්තුව විසුරුවයි.- update
කනට ගැසූ ASPට පොලිස් කොමිසමෙන් චෝදනා පත්‍රයක්
හ පාලන “ආණ්ඩුව නියෝජනය කරන කිසිවෙකුට ළඟ එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් ,එවැන්නෙක් ඉදිරිපත් වුවහොත් ජනතාව නිසි ප්‍රතිචාර දැක්වීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

අද වන විට ජනතාව පත් ව සිටින්නේ එදි නෙදා ජීවත් වීමටවත් නොහැකි අර්බූදකාරී තැනකට යැයි කී ඒ මහතා ,මෙයට විසඳුම නම් ජන හිතකාමී ආණ්ඩුවක් ඉක්මනින් පිහිටුවා ගැනීම යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,දෙනියාය -කීරිවලගම ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් සුහද හමුවකට සහභාගී වී ,රටේ වත්මන් දේශපාලන තත්වය ගැන අදහස් දක්වමිනි .

එහිදී ඒ මහතා මෙසේ ද කීය .

” මේ රටේ ජනතාව අද ජීවත් වෙන්නේ බොහෝ දුක් ගැහැට මැද .පොදු ජනයාට ආණ්ඩුවේ කිසිම තැනකින් සහනයක් ලැබෙන්නෙ නෑ .කියන්න කෙනෙක් නෑ.නිලධාරියෙකුට කීවත් විසඳුමක් ලැබෙන්නෙ නෑ .ඉහළ පෙළේ නායකයන්ට මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්න බෑ .ඔවුන් සිටින්නෙ වෙනම ලෝකයක .ටයි කෝට් දාගත් ආණ්ඩුවේ පිරිසක් ඉංග්‍රීසි බස පාවිච්චි කරමින් හොරකම් කරනවා . තව පිරිසක් සුදු ඇඳුම් ඇඳ ගෙන කයිවාරු ගසමින් හොරකම් කරමින් කාලය ගෙවනවා .රට අනාරක්‍ෂිත වෙලා .මෙවැනි තත්වයක් මැද යහපාලනයේ කොටස් කරුවෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද ?2015 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා යහ පාලකයන්ට බාර දුන්න රට අද කෝ ?

ගොඩ එන්න අමාරු තැනකට රට අද තල්ලු කරලා .මිනිස්සුන්ගෙ අතට එදා මුදල් ලැබුන සියලු ආර්ථික උල්පත් අද වන විට වැසී ගිහින් .ආණ්ඩුවේ අමන වැඩ නිසා අපේ සුලු අපනයන බෝග ටිකටත් විනාශය අත් වුණා . .සමහර උපාධි ධාරීන්ට ජීවත් වෙන්න කසිප්පු විකුනන්න සිදු වෙලා .එදා තිබුන රැකියා ටිකෙනුත් ලක්‍ෂ 5 කට පමණ රැකියා අහිමි වෙලා .තරුණයන්ගේ ප්‍රශ්න බරපතලයි .පොදු ජනයාගේ ප්‍රශ්න වලට පාලකයන්ගේ කිසිදු සංවේදී බවක් නෑ .

සමාජය හැම තැනම පිරිහී ගිහින් .සමාජ වටිනාකම් වලට තැනක් නෑ .බොහෝ දේශපාලකයන් ගැන ද අද ඇත්තේ ජනතාව තුළ අප්‍රසාදයක් .සමහරුන් ජනතා සිතුම් පැතුම් වලට ගැලපෙන විදියට වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නෑ .අහංකාරකම උද්දච්ච කම නැති කර ගන්න බලන්නේ නෑ .ඒ නිසා ඔවුන් තව තවත් පිරිහෙනවා .දේශපාලකයන් පොදු ජනයාගේ සිතුම් පැතුම් තේරුම් ගත යුතුයි .එසේ නැතිව වැඩ කරන්න යන කිසිවෙකුට පැවැත්මක් නැති බව යහපාලන ආණ්ඩුව ද ඔප්පු කර තිබෙනවා .ඒ අය දැන් ජනතාවගේ කෝපයට ලක් වෙලා .

මේ පාලනය වෙනස් වෙන්න ඕනෑ .මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කඳවුරෙන් ගෝඨාභය මහතා ජනාධිපතිවරණ තරඟ බිමට දැන් ඇවිත් තිබෙනවා .ජයග්‍රහණය ගැන සැකයක් නෑ .එතැන් සිට රටට යහපතක් උදා කෙරෙන ආණ්ඩුවක් නිර්මාණය වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා කීය .

– Khmedia


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලනය ගෑවුන කෙනෙක් ජනාධිපතිරවණයට එන්න එපා - කුමාරසිරි හෙට්ටිගේ
යහපාලනය ගෑවුන කෙනෙක් ජනාධිපතිරවණයට එන්න එපා - කුමාරසිරි හෙට්ටිගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhmy2KYXQpCj3a5HhYvvvDjEyXkYYUf9qnh73Gde0h_L4j6m5cXlJke3K0GfwEu1jPAzewCq7hdkXvpUPiQZm7fhk5ivJOrve9qLWEfcqePm1ptXm8UN9nPApFpJaIMN6IV9xqjnfTyPew/s320/kumarasiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhmy2KYXQpCj3a5HhYvvvDjEyXkYYUf9qnh73Gde0h_L4j6m5cXlJke3K0GfwEu1jPAzewCq7hdkXvpUPiQZm7fhk5ivJOrve9qLWEfcqePm1ptXm8UN9nPApFpJaIMN6IV9xqjnfTyPew/s72-c/kumarasiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_735.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/blog-post_735.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy