මෙම පහරදීමේ චෝදනාව මත ඔහුට මාතර කොට්ටාශයට මාරු කිරීමට ද මීට පෙර ජාතික පොලිස් කොමිසම ක්‍රියාකර තිබිණි. එමෙන්ම, මෙම පහරදීම සම්බන්ධයෙන්...
මෙම පහරදීමේ චෝදනාව මත ඔහුට මාතර කොට්ටාශයට මාරු කිරීමට ද මීට පෙර ජාතික පොලිස් කොමිසම ක්‍රියාකර තිබිණි.
එමෙන්ම, මෙම පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සහ මානව හිමිකම් කොමිශන් සභාව ද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් මෙම පහරදීම සිදුකෙරුණේ පසුගිය ඔක්තෝබර් 06 වනදා වන අතර චෝදනා පත්‍රයක් භාර දීමට ද ජාතික පොලිස් කොමිසමට සති 3කට අධික කාලයක් ගත වී තිබේ. ශ්‍රී ලංකා පොලීසියට සහ මානව හිමිකම් කොමිසමට එවැන්නක් හෝ කරගැනීමට මෙම සති තුනක කාලය තුළ නොහැකි වී ඇති අතර මින් පෙන්නුම් කෙරෙන්නේ පොලීසියේ මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් බලධාරීන්ගේ පවතින නොසැලකිලිමත් අනුග්‍රාහකශීලී තත්වයයි. මෙවැනි සිදුවීම් ඉදිරියේ නිද්‍රාශීලීව සිටීම යනු පහරදීම්වලට උඩගෙඩි දීමකි. ආසියානු මානව හිමිකම් වාර්තාවෙන් ද පෙන්වා දී තිබුණේ වසරේ ගතවූ මාස 9ක කාලය තුළ පොලිසිය විසින් මිනිස් ඝාතන 9ක් සහ ඝාතනයට තැත්කිරීම් 1ක් කර ඇති බවයි.
- රංජිත් නිශාන්ත
COMMENTS