දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කැටලෝනියාවේ සෙල්ලම් හමාරයි. පාර්ලිමේන්තුව විසුරුවයි.- update
Homeප්‍රවෘත්ති

කැටලෝනියාවේ සෙල්ලම් හමාරයි. පාර්ලිමේන්තුව විසුරුවයි.- update

PropellerAds

මේ වන විට ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාහොයි විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර කැටලෝනියානු පොලිස් ප්‍රධානියා ද සේවයෙන් පහ කර තිබේ. ක...

ඉකුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වංචා ගැන කියන්න පොදුජන පෙරමුණ අල්ලස් කොමිසමට !
ඉකුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වංචා ගැන කියන්න පොදුජන පෙරමුණ අල්ලස් කොමිසමට !
මැතිවරණයට අතුරු තහනමක් නිකුත් කිරීම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. මැතිවරණයේ සියළු තීන්දු ගැනීමට කොමිසමට හැකි බව අගවිනිසුරු කියයි
කැටලෝනියාවේ සෙල්ලම් හමාරයි. පාර්ලිමේන්තුව විසුරුවයි.- update

මේ වන විට ස්පාඤ්ඤ අගමැති මරියානෝ රාහොයි විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර කැටලෝනියානු පොලිස් ප්‍රධානියා ද සේවයෙන් පහ කර තිබේ.

කැටලෝනියාවේ නව මැතිවරණය දෙසැම්බර් 21 වැනිදාට පැවැත්වීමට ද තීරණය කර ඇත.

ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එරට රජයට ප්‍රාන්ත ආණ්ඩු කෙරෙහි පවතින බලතල අනුව මෙසේ නීතියේ ආධිපත්‍යයට බලපෑමක් ඇතිවන අවස්ථාවලදී ප්‍රාන්ත ආණ්ඩු විසුරුවා හැරීමට බලය තිබේ. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය අනුව සෙනෙට් සභාවෙන් ලැබෙන අනුමැතිය මත ස්පාඤ්ඤ අගමැතිවරයා හට මෙසේ කිරීමට බලය ඇත.   

ඊයේ කැටලෝනියානු පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ඔක්තෝබර් 1 වැනිදා පැවති ජනමත විචාරණය අනුව ස්පාඤ්ඤයෙන් බෙදී වෙන් වීමට 90%ක ප්‍රකාශිත ජනතා කැමැත්තක් ලැබී ඇති බැවින් ස්වයං නිර්ණ අයිතිය ලබාගනිමින් කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් බෙදී වෙන් වන බව ප්‍රකාශ කළේ කැටලෝනියානු ජනපති කාල්ස් පියුග්මොන්ට් විසිනි. මේ අවස්ථාවේදී විපක්ෂය නැගිට සභා ගැබෙන් ඉවත්ව ගිය අතර බහුතර බලයකින් එම යෝජනාව සම්මත විය. ස්පාඤ්ඤ අගමැති මරියානා රාහොයි කැටලෝනියාවට එරෙහිව සිය ව්‍යස්ථාපිත බලතල පාවිච්චි කිරීමට තීරණය කළේ මෙයින් පැය කිහිපයකට පසුව ය.

’‘ස්පාඤ්ඤය බරපතළ රටක්. ශ්‍රේෂ්ඨ ජාතියක්. කිහිප දෙනෙකුට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුපුරුවා හරින්නට අපි ඉඩ දෙන්නේ නැහැ..” යනුවෙන් අගමැති මරියානා රාහොයි පසුව පැවසුවේය.

ඔහු තවදුරටත් පවසන්නේ මෙය තම රටේ අභ්‍යන්තර අර්බුදයක් බවයි.

ස්පාඤ්ඤය විසින් මෙම අර්බුදය හසුරුවන ආකාරය යුරෝපා සංගමයේ ප්‍රශංසාවට ලක් ව ඇත. එහි සභාපති ඩොනල්ඩ් ටස්ක්ගේ ට්විටර් පණිවුඩය මෙසේ ය.
“යුරෝපා සංගමයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැත. අප තවදුරටත් සංවාද කරන්නේ ස්පාඤ්ඤය සමග පමණයි. ස්පාඤ්ඤ ආණ්ඩුව තර්කයේ බලයේ මිස බලයේ තර්කයේ වාසිය නොගනීවි කියා මා අපේක්ෂා කරනවා..”

මේ අතර එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය සහ ඇමරිකා එක්සත් ජනපදය ද පවසා තිබෙන්නේ කැටලෝනියාවේ ස්වාධීන බව තමන් විසින් පිළිනොගන්නා බවය.
ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී කැටලෝනියාව තුළ දේශපාලන අර්බුද හටගෙන තිබේ. එහි ඉතිහාසය ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර යටත්විජිත සමයේ පැවති යුධ ගැටුම් දක්වාම දිව යයි. ස්පාඤ්ඤයේ මුලින්ම කාර්මීකරණයට ලක්වූ ප්‍රාන්තය වශයෙන් සැලකෙන කැටලෝනියාව 30 දශකයේ හටගත් ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී ජනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ ට එරෙහිව දැඩි ලෙස සටන් වැදුණු ප්‍රාන්තයකි. 1975 වසර දක්වා සීමිත ස්වයං නිර්ණය බලතල භුක්ති විඳිමින් සිටි එය, එම වසරේ සිදුවූ ඒකාධිපති ජනරාල් ෆ්‍රැන්කෝ ගේ මරණයෙන් පසුව තවදුරටත් මධ්‍යම රජයෙන් ස්වාධීන විය.

කැටලෝනියාව මුලින්ම ස්වෛරී ජනරජයක් වශයෙන් තමන්ට බෙදී වෙන් වී යාමට අවශ්‍ය බව කියා සිටියේ 2006 වර්ෂයේදී ය. එහිදී ආර්ථික ස්වාධීනත්වය ඇතුළු පුළුල් බලතල සමුදායක් ඔවුන් විසින් ඉල්ලා සිටින ලදී.

ස්පාඤ්ඤයේ ස්වයං පාලන බලතල සහිත පළාත් 17 න් 1 ක් වන කැටලෝනියාව ට තමන්ගේම පළාත් ආණ්ඩුවක් සහ සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය හා බදු එකතුකිරීම යන අංශවලින් විශාල ස්වාධීනත්වයක් පිරිනමා තිබිණි. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මේ තත්වය තුළ කැටලෝනියානු බෙදුම්වාදී ව්‍යාපාරය අරුත් සුන් එකක් වන බවයි. තවද යුරෝපා සංගමය විසින් ඔවුන්ගේ රාජ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීම, නිදහස් කැටලෝනියාව පිළිබඳ බෙදුම්වාදී සිහිනයට එල්ල වූ මරු පහරක් බව ද ඔවුහු පෙන්වා දෙති.

- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කැටලෝනියාවේ සෙල්ලම් හමාරයි. පාර්ලිමේන්තුව විසුරුවයි.- update
කැටලෝනියාවේ සෙල්ලම් හමාරයි. පාර්ලිමේන්තුව විසුරුවයි.- update
http://ift.tt/2zLUzuZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/update_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/update_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy