ඇල්පිටිය ප්‍රාදේශී සභාවේ ඡන්ද විමසීම කල් දැමීමේ සූදානමක් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන්...
දැනටම එක්සත් ජාතික පක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක එක් වී ඇල්පිටිය ප්‍රදේශයේ සමීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එහි ප්‍රතිඵලය මත මැතිවරණය කල්දැමීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ අතර නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට එරෙහිව පාර්ශව කිහිපයක් අධිකරණයට කරුණු දැක්වීමට සූදානමින් සිටින බවයි.
ඇල්පිටිය මැතිවරණය පැවැත්වීම මගින් ජනාධිපතිවරණයට අනිසි බලපෑමක් වේ යැයි ඔවුන් තර්ක කරන අතර ජනාධිපතිවරණය පවත්වන දිනයේදී හෝ ඊට පසු දිනෙක එම මැතිවරණය පැවැත්විය යුතු බව එම පිරිසිය අදහස වී ඇත.
COMMENTS