ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි යනුවෙන් වෙබ් අඩවි කිහිපයක්ම අද දිනයේ පුව...
ජනාධිපති තාත්තා ලියූවේ මම.. පොරොන්දු වෙච්ච ලක්ශ විසි පහ දුන්නෙ නෑ. – සුනිල් මාධව ප්‍රේමතිලක කියයි යනුවෙන් වෙබ් අඩවි කිහිපයක්ම අද දිනයේ පුවත් පල කර තිබුනා.මෙයට හේතුව වුයේ චතුරිකා සිරිසේන විසින් ඊයේ දිනයේ එළිදක්වන ලද ජනපති තාත්තා නම් කෘතිය හේතුවෙනි. මෙම පුවත් වලින් කියවුනේ චතුරිකා සිරිසේන විසින් ප්‍රවීන ලේඛක සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලවා මෙම කෘතිය රචනා කර ඇති බවත් ඒ වෙනුවෙන් චතුරිකා සිරිසේන සුනිල් මාධවයන්ට ලක්ෂ 25ක මුදලක් ගෙවීමට ඇති බවත්ය. නමුත් මෙම පුවත සුනිල් මාධවයන් තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ පිලිබදව හෙන්රි කලන්සුරිය මහතා තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් යොදා තිබෙනවා.
"මා මොහොතකට පෙර සුනිල් මාධවටත්, බිරිඳ මනෝරාටත් කතා කළා. මේක පට්ටපල් බොරුවක්. පොත ලියනවා තබා එහෙම යෝජනාවක් හෝ කළේ නැති බව මාධව මෙන්ම මනෝරාත් සපථ කළා. මෛත්‍රිපාල හා චතුරිකා සමඟ ගනුදෙනුව වෙනම බේරා ගන්නා ලෙසත්, ඊට අපේ ආදරයට බඳුන් වන දැනට තමන්ගේ පොතක්වත් ලියන්නට නොහැකිව රෝගීව සිටින ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකුට මඩ ගසා ඔහුට අපහාස නොකරන ලෙසත් වගකීමෙන් යුතුව ඉල්ලා සිටිනවා.
(සුනිල් මාධව ෆේස්බුක් හි සැරිසරන්නේ නැති අතර මනෝරාටද ෆේස්බුක් එන්න වේලාවක් නැති නිසා මේ මඩ ප්‍රහාරය ගැන දැනගෙන සිටියේ නෑ. )"
කතෘ සටහන : සුනිල් මාධවයන් සුවිශාල කාර්යය භාරයක් ඉටු කල ප්‍රවීන ලේඛකයෙකි. ඔහු මේ වන විට සිටින්නේ රෝගාතුරවය. චතුරිකා සිරිසේනට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට සුනිල් මාධවයන්ගේ නම යොදා ගැනීම අසීලාචාර ක්‍රියාවක් වන බව අප තරයේ විශ්වාස කරමු. එය යහපත් වෙබ් මාධ්‍ය කලාවක් නොවේ. චතුරිකාගේ පොත් ලියුවේ චතුරිකා වන්නට ද නොවන්නට ද පුළුවන. නමුත් ඊට සුනිල් මාධවයන්ගේ නම ඈදා පුවත් පල කිරීම අප මාධ්‍ය ආයතනයක් ලෙස පිළිකුලින් යුතුව හෙළාදකින්නෙමු.
COMMENTS