දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'විස්ස' 20දා මැතිසබේ විවාදයට
Homeප්‍රවෘත්ති

'විස්ස' 20දා මැතිසබේ විවාදයට

PropellerAds

සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට අදාළව ලබන බදාදා (20දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ල...

හෝමාගමට ද්විත්ව දුම්රිය මාර්ගයක් 
ඇමති මත ගැටුම දුරදිග යයි - ජනපති සාකච්ඡාවක් කැඳවයි
ශ්‍රී පා වන්දනාවට පැමිණි අගමැති ආරක්ෂක අංශයේ සැරයන්වරයෙක් මියයයි

සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට අදාළව ලබන බදාදා (20දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව මගින් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට එදින පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්යය කර ඇති අතර, මැති ඇමැතිවරුන්ට පිටරට යාමද තහනම් කර ඇති බවට වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය ඇමැතීමට ඊයේ (17) ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති අතර, ලබන බදාදා පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්යය කර ඇති බැවින් ආණ්ඩු පක්ෂයේ කිසිදු මැති ඇමැතිවරයෙකු මෙම සංචාරයට සහභාගි නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ලබන බදාදා පාර්ලිමේන්තු රැස්වීම අනිවාර්ය කර ඇති බවට පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලය ඔවුන්ට ලිඛිතව දන්වා යවා ඇති බවටද වාර්තාවේ.

පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුතින් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වේ.

පළාත් සභාවල මැතිවරණය ලබන 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර පැවැත්විය යුතු බවට වන යෝජනාවක්ද එම සංශෝධන අතර වන බවට පැවසේ.

මේ අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම සඳහා ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානය සමගද සාකච්ඡා කර ඇති බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

උතුරු පළාත් සභාවේ නිල කාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත අතර, එය නියමිත නිල කාලය අවසන් වන තෙක්ම පවත්වාගෙන යාමට ඉඩදිය යුතු බවට වන යෝජනාවක් දෙමළ ජාතික සන්ධානය මගින් ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති බවටද වාර්තාවේ.

එම යෝජනාව පිළිගන්නේ නම් 20 වැනි සංශෝධනයට සහාය දීම පිළිබඳව සලකා බැලීමට සූදානම් බව දෙමළ ජාතික සංන්ධානය ප්‍රකාශ කර ඇති බවටද පැවසේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'විස්ස' 20දා මැතිසබේ විවාදයට
'විස්ස' 20දා මැතිසබේ විවාදයට
http://ift.tt/2wmTJr2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/20_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/20_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy