මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් කාන්තාවන්ට පනවා තිබූ නීතියක් ටියුනීසියාවේ ආණ්ඩුව විසින් ඉවත් කරනු ලැබ තිබේ. ...
මුස්ලිම් භක්තිකයෙකු නොවන පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් කාන්තාවන්ට පනවා තිබූ නීතියක් ටියුනීසියාවේ ආණ්ඩුව විසින් ඉවත් කරනු ලැබ තිබේ.
එරට ජනාධිපති බේජි එසේබ්සිගේ ප්‍රකාශිකාවක විසින් ඒ බව නිවේදනය කරන ලද අතර "සහකරුවෙකු තෝරා ගැනීමට ඇති නිදහස" දිනා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් වෙත සුබපතනු ලැබීය.
මෙතෙක් පැවති නීතියට අනුව ටියුනීසියානු ජාතික කාන්තාවක හා විවාහපත් වීමට බලාපොරොත්තු වන අන්‍යාගමික පුරුෂයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත යුතුය.
විවාහයට පෙර ඒ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමත් අනිවාර්ය වේ.
99% මුස්ලිම් භක්තිකයන් වෙසෙන ටියුනීසියාව කාන්තා අයිතීන් අතින් ඉහළ ප්‍රගතියක් අත්කර ගත් අරාබි රටවල් අතරින් එකකි.
අන්‍යාගමික පුරුෂයෙකු හා විවාහ වීම තහනම් කරමින් 1973 දී ක්‍රියාත්මක කරන ලද නීතිය ඉවත් කිරීමට ජනාධිපති එසේබ්සි විසින් අනුබල කරනු ලැබීය.
ජාතික කාන්තා දිනය සමරමින් පසුගිය මාසයේ පැවති උත්සවයක් ඇමතූ ජනාධිපතිවරයා විසින් පැරණි විවාහ නීතිය හඳුන්වනු ලැබුවේ "සහකරුවෙකු තෝරා ගැනීමට ඇති නිදහසට ඇති බාධාවක්" ලෙසය.
(බී.බී.සිය අැසුරෙනි)
COMMENTS